ජපානයත් සඳ මත පා තබයි

Date:

සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ ජපාන අභ්‍යවකාශ ඒජන්සිය (Jaxa) විසින් සඳ විමර්ශනය කිරීම සඳහා දියත් කරන ලද ස්මාර්ට් ලෑන්ඩරය (SLIM) සමක ආවාටයක් අසල චන්ද්‍ර පෘෂ්ඨය මත මෘදු ලෙස පතිතව ඇති බව වාර්තා වේ.

මෙත් සමඟ එක්සත් ජනපදය, සෝවියට් සංගමය, චීනය සහ ඉන්දියාවට පසුව සඳ මත චන්ද්‍රිකාවක් මෘදු ලෙස ගොඩ බැස්සවූ පස්වන රට බවට ජපානය පත් වෙයි.

SLIM සම්පූර්ණයෙන්ම එහි බැටරි මත රඳා පවතින අතර මේවන විට සම්පූර්ණයෙන් තේරුම් ගෙන නොමැති හේතු නිසා යානයේ සූර්ය කෝෂ විදුලිය නිපදවන්නේ නැත. කෙසේ නමුත් මෙහෙයුම සුරැකීමට ජපාන අභ්‍යවකාශ ඒජන්සිය (Jaxa) ඉංජිනේරුවන් දැන් සටන් කරමින් සිටිති. ඉංජිනේරුවන් විශ්වාස කරන්නනේ, සඳ මත ආලෝක කෝණ වෙනස් වන විට, ස්ලිම්ට නැවත ජීවය ලැබිය හැකි බවයි.

ස්ලිම් කුඩා රෝවර් දෙකකින් යුක්ත වන අතර, අධෝරක්ත කැමරාවක් රැගත් යාත්‍රාව, දේශීය භූ විද්‍යාව අධ්‍යයනය කිරීම සඳහා ඊළඟ දෙසතිය ගත කිරීමට නියමිතව තිබුණි. පවතින කාලය තුළ මෙම පරීක්ෂණයෙන් කොපමණ ප්‍රමාණයක් ලබා ගත හැකිද යන්න අවිනිශ්චිතය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙ SpaceWatch Global ඩිජිටල් සඟරාවේ ආචාර්ය එමා ගැටි ප්‍රකාශ කර තිබුණේ, රටක් වශයෙන් ජපානයට මෙය ඓතිහාසික හා කීර්තිමත් අවස්ථාවක් වන බවත්, SLIM යනු චීනය හෝ එක්සත් ජනපදය තරම් විශාල නොවන රටකට එය කළ හැකි බවට කදිම උදාහරණයක් වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...