වැඩතහනමට ලක් වූ දකුණු කොරියානු ජනාධිපතිවරයා මුල්වරට අද දෝෂාභියෝග නඩු විභාගයේදී පෙනී සිටියි

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු කොරියාවේ වැඩ තහනමට ලක්වූ ජනාධිපති යූන් සුක් යෙයෝල් මුල්වරට අද(21) අට දෙනෙකුගෙන් යුත් ව්‍යවස්ථාපිත අධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සිය දෝෂාභියෝග නඩු විභාගයේදී පෙනී සිටි බව වාර්තා වේ.

මෙහිදී පසුගිය දෙසැම්බර් 03වන දා යුධ නිතිය පැනවීමෙන් අනතුරව නීති සම්පාදකයන් අත්අඩංගුවට ගන්නා ලෙස හමුදාපතිවරුන්ට නියෝග කරන ලද බවට වූ චෝදනාවන් යුන් ප්‍රතික්ෂේප කර තිබු අතර මෙහිදී යුන් විනිසුරුවන්ට ප්‍රකශ කර තිබුණේ, තමා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දැඩි විශ්වාසයකින් ජීවත් වූ පුද්ගලයෙකු බවත්, ව්‍යවස්ථාපිත අධිකරණය පවතිනුයේ ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට බැවින් මෙම නඩුවේ සියලු අංශ හොඳින් පරීක්‍ෂා කරන ලෙස ඉල්ලා සිටින බවත්ය.

කෙසේ නමුත්, යූන් කැරැල්ලකට නායකත්වය දුන්නේද යන්න සම්බන්ධයෙන් වෙනම අපරාධ පරීක්ෂණයකට ද මුහුණ දී සිටියි. යූන්ට යුද නීතිය යෝජනා කළ බව වාර්තා වූ හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යුන් බ්‍රහස්පතින්දා (23) මීළඟ නඩු විභාගයේදී සාක්ෂි දෙනු ඇති අතර විනිසුරු මඩුල්ලෙන් අවම වශයෙන් හය දෙනෙකු දෝෂාභියෝගය තහවුරු කිරීමට ඡන්දය ප්‍රකාශ කළහොත් යූන් ධුරයෙන් පහ කරනු ලැබේ.

එවිට දින 60ක් ඇතුළත ජනාධිපතිවරණයක් කැඳවිය යුතුය. මේ වන විට යුන්ගේ ආධාරකරුවන් අධිකරණය ඉදිරියේ ඉතා ප්‍රචන්ඩකාරීව හැසිරෙමින් සිටින අතර ඔවුන් යූන් නිදහස් කර වහාම නිලයට පත් කරන ලෙස ඉල්ලා සිටියි.

පසුගිය දෙසැම්බර් 3 වැනිදා සිට දකුණු කොරියාව දේශපාලන අවුල් ජාලයක පවතින අතර අර්බුදය රටේ ආර්ථිකයට පහර දෙමින් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...