වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
වසර 15ක දිගු නිහැඬියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරයවන ඔකුමා හි ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරය නැවත විවෘත කිරීමට සුදානම් බව වාර්තා වේ.

2011 මාර්තු 11 වන දින, ජපානයේ ටෝහෝකු භූමිකම්පාව සහ සුනාමිය හේතුවෙන් ඔකුමා හි ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයේ විදුලි ජාලක බිඳවැටීමත්, බලාගාරයේ බලශක්ති ප්‍රභවයන් සියල්ලටම හානි වීමත් හේතුවෙන් අවට පරිසරයට විකිරණශීලී දූෂක මුදා හැරීමට හේතු විය. මෙය 1986 දී චර්නොබිල් ව්‍යසනයෙන් පසු සිදු වූ දරුණුතම න්‍යෂ්ටික සිදුවීම ලෙස සලකන අතර ජපාන න්‍යෂ්ටික බලශක්ති ආරක්ෂණ සංවිධානය විසින් සිදුවූ බලවත්ම හානියක් වශයෙන් නිවේදනය කරන ලදී.

ජපාන අගමැතිනි සානේ ටකයිචි මේවන විට නැවත පණ ගැන්වීමට හැකි බලාගාර නැවත ආරම්භ කිරීමට මෙන්ම න්‍යෂ්ටික බලශක්ති නැවත පැමිණීම වේගවත් කිරීම සඳහා නව රාජ්‍ය අරමුදල් යෝජනා ක්‍රමයක් ප්‍රකාශයට පත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...