අපේ කොළඹ ලිස්ට් එකේ රෝසිත් ඉන්නවා.මුජිබර් අපිට අභියෝගයක් නෙවෙයි – සාගල (VIDEO)

Date:

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් ඉදිරිපත් වන නමුත් එම කණ්ඩායමේ රජය සහය දක්වන පක්ෂ කිහිපයක නියෝජිතයින් සිටින බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසුවේය.

ඒ, අද (21) පළාත් පාලන මැතිවරණය අදාළව නාමයෝජනා භාර දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

දීර්ඝ කාලයක් කොළඹ මහ නගර සභාවට නායකත්වය දුන් රෝසි සේනානායක මහත්මියද එම ලයිස්තුවේ සිටින අතර සමඟි ජන බලවේගයෙන් කොළඹ නගරාධිපති තනතුරට තරඟ වැදීමට නියමිත මුජිබර් රහුමාන් මහතා ඔවුන් අභියෝගයක් නොවන බවද මෙහිදී සාගල රත්නායක මහතා කියාසිටියේය.

මේ වන විටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් රට හදන වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...