ලොව සුපතළ මිචෙලින් ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කරයි !

Date:

ලෝක ප්‍රකට මිචෙලින් ටයර් සමාගම ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාරික කටයුතු තවදුරටත් ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගතව තිබේ.

ප්‍රංශයේ ස්ථාපිත බහුජාතික සමාගමක් වන මිචෙලින් ටයර් සමාගම ලොව දෙවැනි විශාලතම ටයර් නිෂ්පාදකයා වේ.

එම සමාගම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 20.94 ක අතිරේක ආයෝජනයක් සිදුකිරීමට නියමිත ය.

ඒ සඳහා ගිවිසුම් අත්සන් තැබීම පසුගිය සතියේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල කාර්යාලයේදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා සහ මිචෙලින් සමාගමේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විෂ මත්ද්‍රව්‍යට එරෙහි රත්නපුර දිස්ත්‍රික් කමිටුවේ සභාපති ධුරය මාලිමා මන්ත්‍රී ශාන්තට

විෂ මත්ද්‍රව්‍යට එරෙහි ජාතික මෙහෙයුමේ රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේ...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්. තරුණයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, සුනාමිවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ...

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...