2018 දී බලය ලබාගෙන කෝට්ටේ මහ නගර සභාව තුළ පැවති දූෂණ අක්රමිකතාවලට තිත තැබූ පරිද්දෙන් ඉදිරි වසර පහ තුළත් විශිෂ්ට සේවයක් ලබාදීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසයි.
ඒ, අද (21) කෝට්ටේ මහ නගර සභාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා භාරදීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මේ වන විටත් කෝට්ටේ නගරය තුළ නිදහසේ දේශපාලනය කළ හැකි වාතාවරණයක් ගොඩනගා තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ASK