දේවස්ථාන බෝම්බ සිද්ධියේ සැකකරුවෙකුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක් !

Date:

බොරැල්ල ප්‍රදේශයේ කිතුනු දේවස්ථානයක තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකු අද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ රහස්‍ය ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

කොළඹ අපරාද කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින මෙම සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය වෙත ඉදිරිපත් කර තිබිණි. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ, බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු රහස්‍ය ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවයි.

අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරුගෙන් විමසා සිටියේ මෙම ප්‍රකාශය ලබාදීමට සූදානම් වන්නේ ස්වෙච්ඡාවෙන්ද එසේ නැතහොත් කිසිවෙකුගේ හෝ බලපෑම් මතද යන්නයි. තමන් ස්වෙච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදීමට තීරණය කළ බව සැකකරු ප්‍රකාශ කළ අතර ඒ අනුව මහේස්ත්‍රාත්වරියගේ නිළ මැදිරියේදී සැකකරු පැය එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

දේවස්ථානය තුළට බෝම්බය රැගෙන ආ පුද්ගලයා බවට සැක කරන්නේ මෙම පුද්ගලයායි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...