සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 21,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජර්මනියේ අන්ත දක්ෂිණාංශික විකල්පය පක්ෂය Alternative für Deutschland (AfD) විසින් එහි අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරීන් සමඟ රැස්වීමක් පවත්වා සංක්‍රමණිකයන්, සරණාගතයින් හා විදේශිකයන් සමූහ වශයෙන් පිටුවහල් කිරීමේ සැලසුම් ගැන සාකච්ඡා කිරීම අනාවරණය වීමෙන් පසුව ඊට විරෝධය දැක්වීමට දස දහස් ගනින් ජනතාව ජර්මනිය පුරා රැස්වී විරෝධතා දක්වන බව වාර්තා වේ.
ඒ අනුව, ෆැසිස්ට්වාදය විකල්පයක් නොවන බවට සඳහන් බැනරය යටතේ 35,000ක පමණ පිරිසක් ජර්මනියේ මූල්‍ය මධ්‍යස්ථානයේ විරෝධතාවයන් දැක්වූ අතර, උතුරු හැනෝවර් නගරය, මෙන්ම Braunschweig, Erfurt සහ Kassel ඇතුළු නගරවල සහ බොහෝ කුඩා නගර ඇතුළුව ජර්මනිය පුරා ස්ථාන 100 ක පමණ පෙළපාලි කැඳවා තිබිණි. මෙලෙස ජර්මනිය පුරා රැස් වූ ජනතාව 100,000 කට අසන්න බවයි මතය වාර්තා කරන්නේ.

පෙළපාළියකට සම්බන්ධ වූ චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් ඇතුළු ප්‍රමුඛ දේශපාලනඥයන් පැවසුවේ සංක්‍රමණිකයන් හෝ පුරවැසියන් නෙරපා හැරීමේ ඕනෑම සැලසුමක් “අපේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රහාරයක් සහ අනෙක් අතට අප සැමට එරෙහි ප්‍රහාරයක්” වන බවයි.
AfD පක්ෂය විද්වතුන් සහ ආර්ථික විද්‍යාඥයින් එක්ව සංස්ථාපිත බලවේගයක් ලෙස 2013 දී පිහිටුවන ලද අතර, එහි මුල් නිර්මාතෘවරුන් අතහැර සංක්‍රමණ විරෝධී පක්ෂයක් බවට ඉක්මනින් හැඩගැසී ඇත.
ජර්මනියේ ආර්ථිකය හැකිලීම, ඉහළ බලශක්ති බිල්පත්, ආහාර උද්ධමනය සහ යුක්රේනය ආරක්ෂා කිරීමේ ඉහළ සදාචාරාත්මක හා මූල්‍ය පිරිවැය ලෙස එය දකින දේ පිළිබඳ අතෘප්තිය මත, මේ වන විට ජර්මානුවන් වඩාත් ආතතියට පත්ව සිටි පරිසරයක ඔවුන් වඩා උද්යෝගයෙන් විරෝධතාවයන් වලට සම්බන්ධ වන බවයි විචාරකයන් සඳහන් කරන්නේ,