චීන-රුසියානු ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

Date:

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. වීඩියෝ ආකාරයෙන් එම සාකච්ඡාව පැවති බවයි චීන මාධ්‍ය සමූහය වාර්තා කරන්නේ.

එහිදී නව වසර වෙනුවෙන් දෙරට නායකයින් එකිනෙකා වෙත සුබ පැතුම් ද පිරිනැමූ බවයි සඳහන් වන්නේ. නව වසරේ චීන-රුසියානු සබඳතා වඩාත් යහපත් වර්ධනයක් වෙත යොමු වනු ඇතැයි ප්‍රාර්ථනා කරන බව ෂී ජින් පිං මහතා එම හමුවේදී පවසා තිබෙනවා.

ගෙවී ගිය 2024 වසරේ චීන-රුසියා සබඳතා අඛණ්ඩව නව වර්ධන ප්‍රවණතාවක පවතින අතර සංස්කෘතිය හා වෙළඳාම යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා ජයග්‍රහණ රැසක් අත්පත් කර ගෙන තිබෙන බව ෂී ජින් පිං මහතා මෙහිදී පෙන්වා දුන්නා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශැංහයි සහයෝගිතා සංවිධානය සහ බ්‍රික්ස් යාන්ත්‍රණය යනාදී බහුපාර්ශ්වික වේදිකාවන් හි දී දෙරට සමීපව සහයෝගිතා පවත්වා ගෙන ඇති අතර ගෝලීය පාලන පද්ධතියේ ප්‍රතිසංස්කරණයට ද ධනාත්මක ශක්තියක් ලබා දී ඇති බව ද ප්‍රකාශ වුණා.

එමෙන්ම නව වසරේ දෙරටේ සංවර්ධනය හා පුනර්ජීවනය ප්‍රවර්ධනය කොට ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය ආරක්ෂා කිරීම සඳහා පූටින් ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කිරීමට තමා සූදානමින් සිටින බව ෂී ජින් පිං එහිදී සඳහන් කළා.

දෙපාර්ශ්වය අතර සහයෝගීතාවය දෙරටේ ජනතාවගේ අයිතිවාසිකම්වලට අනුකූල වන අතර ජාත්‍යන්තර තත්ත්වයේ සිදුවන වෙනස්කම් එයට කිසිවිටෙකත් බලනොපාන බව ව්ලැදිමීර් පූටින් එහිදී ප්‍රකාශ කර තිබෙනවා. තවද බහුපාර්ශ්වික අවස්ථාවන්හිදී දෙපාර්ශ්වය සමීප සන්නිවේදනයක් සහ සහයෝගීතාවයක් පවත්වා ගන්නා බවත් පූටින් පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බව රුසියාව තරයේ අනුමත කරන අතර ඕනෑම ආකාරයක “තායිවාන ස්වාධීනත්වයට” දැඩි ලෙස විරුද්ධ වන බව පූටින් අවධාරණය කළා. එමෙන්ම ෆැසිස්ට්වාද විරෝධී යුද්ධය ජයගැනීමේ 80වැනි සංවත්සරය උත්කර්ෂවත්ව සැමරීම සඳහා දෙරට එක්ව කටයුතු කිරීමට මෙම වසරේ දී සූදානම් බව ද එහිදී ප්‍රකාශ වී තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් : අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : කොළඹ වරායේ ආනයන...

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...