2029දී අපේ කාන්තාවෝ නාමල්ව ජනාධිපති කරනවා!

Date:

කොළඹ LNW:2029 ජනාධිපතිවරණ ජන්ද විමසීමේදී නාමල් රාජපක්ෂ මහතාව ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමට කාන්තාවන් සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රංගන ශිල්පිනි රුවන්ති මංගලා මහත්මිය පවසයි.

නිවෙස්වල පැවැත්වෙන සාකච්ජාවලදී කාන්තාවන් එලෙස පවසන බවයි ඇය සඳහන් කරන්නේ.

ගියවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කාලය ප්‍රමාණවත් නොවුණු බවද ඇය කියාසිටියි.

කාලය ප්‍රමාණවත් නොවීම නිසා බොහෝ තැන්වලට යාමටද නොහැකි වූ බවයි ඇය කියාසිටින්නේ.

එමෙන්ම කාලය ප්‍රමාණවත් නොවීම නිසා ඇතැම් කාන්තාවන්ට ජන්දය දැමීමටද නොහැකි වී තිබෙන බව ඇය පවසයි.

”ගියපාර එකවර ජන්දයක් ආවා. කාන්තාවන්ට හිතාගන්න බැරිවුණා කවුද ඉදිරිපත්වෙන්නේ කියල හොයාගන්නත් බැරිවුණා. ගොඩක් තැන්වලට අපිට යන්න අවස්ථාව ලැබුණේ නැහැ මැතිවරණ වෙලාවේදී. අයියෝ ඇයි අපේ පැත්තට ආවේ නැත්තේ අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එක්ක ඉන්නේ. අපි අතරමං වෙලා හිටියේ කාටද අපි මේ ජන්දය මේ පාර භාවිතා කරන්නේ කියල කිව්වේ. සමහර අපේ කාන්තාවෝ ජන්දය දාන්න ගියෙත් නැහැ. මොකද ජන්දය ආවේ ඉක්මණින්. ඒගොල්ලන්ට ඒ අවස්ථාව අහිමිවුණා.” යනුවෙන් ඇය සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...