නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW:
කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ ජයන්තිය ලෙස හඳුන්වන්නේ එයට වසර 50 ක් සැපිරීමය.එවැනි අවස්ථාවකදී ස්වර්ණමය නැත්නම් රත්තරන් පැහැය එම සැමරීමට එකතු කරමින් දිය හැකි ඉහළම වටිනාකම ඊට දීම සම්ප්‍රදායකි.එවැනි අවස්ථාවක් උදාවන මොහොතේ කුමන හෝ කේෂ්ත්‍රයක පරිපාලන කිරීමට පැවරී තිබීම යන්න එම පරිපාලකයන්ට ජීවිතයේ උදාවන ස්වර්ණමය අවස්ථාවකි.
ඒ ස්වර්ණමය මොහොතට අදාළව පැන නඟින ඉතිහාසය මනරම් එකක් වනු ඇත.නැඟීම්,බැසීම්වලින් පිරුණු ඒ මතක අහුරුවල වැටුණු තැන් ද යළි නැගිටීමට පොහොර වූ ඉතිහාසය විසින් සියල්ල ස්වර්ණ වර්ණ මතු කරන ඒවා වනු නිසැකය.
මේ වසර ක්‍රීඩාවේ ද ස්වර්ණමය මංගල්ලයකට මග කියන වසරකි.ඒ ජාතික ක්‍රීඩා උළෙලට වසර 50 ක් පිරෙන බැවිනි.ක්‍රීඩා අමාත්‍යංශය මෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවද රටේ ක්‍රීඩාව වෙනුවෙන් කරනු ලබන ඉහළම සත්කාරය ද එය වන්නේය.මේ ඉතිහාසය තුළ සිඳු වූ ආකාරය ගැන අපට සතුටක්ම නැත.කණගාටු වූ අවස්ථා මෙන්ම දැඩි විවේචන ද ඇත.එහෙත් රජය විසින් කරනු ලබන මේ සත්කාරය හැරෙන්නට රටේ සමස්ත ක්‍රීඩාව වෙනුවෙන් සිඳුවන විශාලම මැදිහත්වීම යන්න අපට අමතක කළ නොහැකිය.
එය නොකර සීටීම නොව රජයේ වගකීම විය යුතුව ඇත්තේ එයට ඉතිහාසය විසින් පෙන්වා දී ඇති වැරදි සහ අඩුපාඩු සකස් කර ගනිමින් වඩාත් නිවැරදි සහ සංවර්ධිත දිශාවකට ක්‍රීඩාව රැඟෙන යාමය.එය 50 වන උළෙලේ දී සාපේක්ෂව වැදගත් ඉදිරි පිම්මකට ගෙන යන්නට මහන්සි විය හැකිය යන හේතුව මනසේ ඇති වන්නේම මේ ක්‍රීඩා උළෙල සිය ජීවිතයේ වත්මන් මොහොත උදා කර ගැනීම සඳහා විශාල වශයෙන් භාවිතයට ගැණුන පුද්ගලයෙක් පවතින රජය විසින් ක්‍රීඩාව පරිපාලනය කරන්නට නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ අසුන් ගන්වා තිබෙන නිසාය.
ගෙවුණු 50 වසර තුළ මතක් කරන්නට ඉතිරිව තිබෙන සොඳුරු ස්වර්ණ මතක ඇතුළත සුගත් තිලකරත්නනම් වූ ඔහු විසින් තබන ලද රත්තරන් සැමරුම් නිසා මේ 50 වන සැමරුමට අගය කළ යුතු ඉතිහාසයේ දැවන්නත ඉඩක් සුගත්මය වීම ඔහුගේ දේශපාලන බල පරාක්‍රමය විසින් අත් කර නොදෙන ක්‍රීඩාමය අනන්‍යතාවය විසින් ඇති කරවන එකක් වනු ඇත.එය නොවැළක්විය හැකිය.
එවැනි තත්ත්වයක තවමත් මේ ස්වර්ණමය මොහොත තේජාන්විතව ක්‍රීඩා අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කරන්නට උත්සාහ කරන බවක් පෙනෙන්නට නැත.සුගත් වැනි මේ ඉතිහාසයේ ස්වර්ණමය වටිනාකම් ඔප දැමූ අමරණිය මතක ඇති විරයෙකු නියෝජ්‍ය අමාත්‍ය පුටුවේ සිටියදී මෙවැනි තත්ත්වයක් අපේක්ෂා කළ නොහැකිය. ඒ නිසාම සොයා බලද්දී ඉකුත් නොවැම්බර් මස ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී තරග කාලරාමු සහ ප්‍රතිපාදන පිළිබඳව සාකච්ඡා කර ඇති බවත්,එහෙත් අදාළ කටයුතු පළාත් මට්ටමෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍යය ප්‍රතිපාදන සහ උපදෙස් තවමත් අමාත්‍යංශ මට්ටමෙන්,සංවර්ධන දෙපාර්තමේන්තු මට්ටමෙන් පළාත් කරා ගමන් කර නොමැති බවත් දැක ගන්නට ලැබිණ.
සමහර විට සුගත් ධාවකයෙකු ලෙස දුටුව,ස්ර්මය මිස්මය ස්වරූපයෙන් සුගත්ලාව නැට වූ මිනිසුන් මේ උළෙලට අදාළ ඉතිහාසය තුළ සුගත්ට ලැබෙන වටිනාකම නිසා කුහක වී මේ වගකීම් පැහැර හරිනවා වන්නට ද පුළුවන.
එවැනි සත්පුරුෂයන් කාන්තාවන් ක්‍රීඩා පරිපාලන කේෂ්ත්‍රෙය් හිඟ නැත.ඉතිමා හොඳන් බලන්නකො ඇමතිතුමා කියා කම්පා වෙන මිනිසුන් අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ අසාර්ථකභාවය පිටුපස ඒ අසාර්ථකභාවයම අපේක්ෂාවෙන් උපක්‍රමිකව කටයුතු කරන ආකාරය සහ එයින් තමන්ගේ පැත්ත ආලෝකමත් කර ගන්නා ආකාරය අප මේ වසර 50 න් අඩුම තරමේ 30 ක කාලයක හෝ දැක ඇත.
මේ වන විටත් සුගත්ලාගේ පහන ඇලඩින්ගේ පහන කර ගත් අය ක්‍රීඩා අමාත්‍යංශයේ නිලවරණවල තීරණවලදි සිය පාර්ශවයන් ඉහළට ඔසවා තබන්නට වැඩ කරන අයුරු සහ එහි ප්‍රතිපල තව වසර කිහිපයකින් භුක්ති විඳින අයුරු දැනෙන්න ගන්නා තුරුම සුගත් වුව සිටිනු ඇත්තේ ශිශිරකරණයට හසු වී ය.ඒ නිද්‍රාව නිමාවන විට සුගත් පමණක් නොව අමාත්‍යවරයාට ද තමන්ගේ හිම වළස් නින්ද මවා පෑ ශිශිරයක විඳි එකක් බවත්,වස්සානය මායාවක ගෙවී ගොස් ඇති බවත් දැණෙනු ඇත.
කෙසේ නමුත් සුගත් මේ උළෙලට සූදානම් වන්නට මැලි නොවන බව ස්ථිරය.එහි වටිනාම ඉතිහාසයක ස්වර්ණමය චරිතයක් වන්නට ඔහුට ඇති ඇගයුම් ඉඩ නොසළකා සිටින්නට ඔහු අකමැති වේ යැයි සිතිය නොහැකිය.එසේනම් කුමන හෝ වගකීමක් ඇති පුටුවක සිට සුගත්මේ මේ කීර්තිමත් ඉතිහාසය වර්ණවත් වෙන ඓතිහාසික අවස්ථාවට අකුල් හෙළන,නොසළකා හරින සහ කුහකවත පුරන අයෙකු හෝ කණ්ඩායමක් ජාතික ක්‍රීඩා උළෙලේ ස්වරණජයන්තිය ස්වර්ණ වර්ණයෙන් බැබලිවීම වෙනුවට අවර්ණ කිරිමට උත්සාහ දරනවා විය යුතුය.එය සොයා බැලිමට අපට වඩා හයියක් සහ අවස්ථාවක් මෙන්ම අයිතියක් ද ඇති තැනෙක සුගත් සිටින බැවින්,ඔහු ඉදිරියට ඒ වෙනුවෙන් කුමක් කරනු ඇද්ද යන්න අප විමසිල්ලෙන් බලා සිටිමු.
දැන් යශ්ඨිය සුගත් අතේය.පා වැරෙන් තබමින් ජයග්‍රහණයට ඉදිරියෙන් සිටින පිරිස පසු කර යා යුතු සුගත්ගේ ධාවන හැකියාව පරිපාලනය හා සමපාත විය යුතු මොහොතට පැමිණ ඇත.අපි කරමු කියන පිරිස් මිස මෙවැනි මොහොතකදි දිවීම වෙනුවට මේ පසුකර යාමට ඇවිදීම තෝරා ගන්නේද යන්න තෝරා ගන්නට ඉදිරියෙන් සිටින අය පසුකර යාමට අවශ්‍යය කරන වේගය අනුව සුගත්ට දැණුම තිබිය යුතුය.
මෙහි වැදගත්ම දේ ඉතිහාසය කියවා ගැනීමය.සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය,දේශපාලනය මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුව සමඟ ද සහයෝගීව සහ මිත්‍රශිලිව වැඩ කලේ අඩුවෙන්ය.ඇය සටන්කාමිව ඒවා සමඟ ගැටිණ.එහෙත් 2004 වසරේ ඇතන්ස් ඔලිම්පික් උළෙලේදී ඇයගේ පදක්කමේ දායකත්වයට නිසි වටිනාකම දෙමින් සුසන්තිකා ශ්‍රී ලංකා ධජය රැඟෙන පෙරමුණ ගත්තාය.ඊට අවශ්‍යය පරිපාලන ආශිර්වාදය ලැබුණාය.මෙහි පහත ඇත්තේ ලෝක මලල ක්‍රීඩා පරිපාලනය සිය වේබ් පිටුවේ ඊට ලබා දුන් ඉඩට පිවිසෙන්නට මාර්ගයය.එය වසර 100 ක් මලල ක්‍රීඩා පරිපාලනයට සපිරෙන මොහොතේ 2022 ජනවාරි 22 https://worldathletics.org තැබූ සටහනක්ය.
අදාළ සටහන – https://bit.ly/4a7mc5t
එසේනම් සුගත් ට නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස සිටියදී තමන්ට වටිනාකමක් ඇති උළෙලක් ස්වර්ණඹය ලෙස ඉටු කිරීමේ අවශ්‍යයතාවය මඟ හැරෙනවානම් සහ එය නොසළකා හරිනවානම් සුගත් සුසන්තිකාටත් වඩා අවාසනාවන්ත ජයග්‍රාහකයෙක්ය.
අදාළ ලෝක මලල ක්‍රීඩා සංගම් වෙබ් අඩිවියේ සුසන්තිකා සිටින ඡායාරූපයම මෙම සටහනට ද යොදා ගන්නා අතර ශ්‍රී ලංකාව ගැන කතා කරන එම සටහනට සුගත්ගේ ඡායාරූපයක්ද ඇතුළත් කර ඇත.


