*
Monday, September 23, 2024
spot_img

Latest Posts

FIFA ලාංකේය පාපන්දුවේ හුළං අරියි

ක්‍රීඩා අමාත්‍යංශය,සංවර්ධන දෙපාර්තමේන්තුව මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා ද,ජාත්‍යන්තර ක්‍රීඩා නීතින් සම්බන්ධයෙන් තුට්ටුවකට මායිම් නොකරමින්,ගන්නා ලබන තීරණ පදනම් කරගෙන,ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව වාරනයකට ලක් කරන්න පියවර ගෙන ඇත. එය 2023 ජනවාරි 21 සිට ක්‍රියාත්මකය.

මේ තත්ත්වය තුළ අභිනවයෙන් පත් වූ නිල මඬුල්ල ජාත්‍යන්තරය පිළි නො’ගනිනු ඇත. එසේම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෙකුට, පුහුණුකරුවෙකුට හෝ වෙනයම් කුමන මට්ටමක පාපන්දු වෘත්තිකයෙක්ට ද ජාත්‍යන්තර අවස්ථාවන්ට සහභාගි වෙන්න අවස්ථාව මෙයින් ඇහිරෙනු ඇත.

අද ඒ සම්බන්ධයෙන් FIFA විසින් ආසියානු සංගමයට දැණුම් දී ඇත.තෙවන පාර්ශවයක බලපෑම් මත මෙවැනි තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවට LNW නිරන්තරයෙන් පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ සියල්ල ඒ විෂය භාර අමාත්‍යවරයාගේ අභිමතය බව සිතන නිලධාරින් විෂයභාර අමාත්‍යවරයා පිනවීම තම රාජකාරිය බව සිතන තත්ත්වය තුළ ශ්‍රී ලංකා පාපන්දුවට මේ තහනමට මුහුණ දී ඇත.

ජාත්‍යන්තර පාපන්දු නීතිය සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක හැදෑරීමක් නොමැතිව,දේශපාලනයාගේ උදහසට සහ මදහසට සාපේක්ෂව ක්‍රීඩා පනත වෙනස් කරමින් කරන ලද සංශෝධන සම්බන්ධයෙන් ද තවත් ක්‍රීඩාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර බලපෑම් ඉදිරියේදී ඇති වනු ඇති බව අපි යළිත් සිහිපත් කරන්නෙමු.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ අතිශයින් සමීපව ක්‍රියා කළ හිටපු පාපන්දු සභාපති ජම්වර් ඔමාර් පාපන්දු පරිපාලනය ඇතුළත FIFA ඉල්ලීම් ද නොසළකා කටයුතු කළ අවස්ථා වාර්තා විය.නිලවරණය පැවත්වීම සහ පාපන්දු ක්‍රීඩා නීතිය යාවත්කාලීන ⁣කිරීම එසේ මඟ හැර සිටියදී ඒ සම්බන්ධ කිසිඳු ක්‍රියා මාර්ගයක් නොවිණි.

වත්මන් අමාත්‍යවරයා යටතේ දී ද,අමාත්‍යංශය අවශ්‍යය පියවර පමා කළේය.එහෙත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නිලවරණයට පැමිණි පසු,ඔවුන් පමා වූ වගකීමට උරදෙමින් ජස්වර්ට දඬුවම් කළ හැකි ආකාරයට ක්‍රීඩා පනත පවා සංශෝධනය කිරීමට ඉදිරිපත් විය.එසේම නිලවරණ කමිටුවට ඔමාර්ට ඉදිරිපත්වීමට ඉඩ නොදෙන ලෙසත් අමාත්‍යවරයා පත් කළ කමිටුවක් නිර්දේශ කළේය.එම කමිටුව ගත් තීරණය අමාත්‍යවරයා අනුමත කර ඇත.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලිපියේ,අදාළ නිර්දේශය දීම සඳහා ක්‍රීඩා පනතේ ඇති ඉඩ කිසිවක් එම ලිපියේ සඳහන් කර නැත.එහි ඇත්තේ අමාත්‍යතුමාගේ අනුමැතිය එයට ලැබී ඇති බවය.

අප ක්‍රීඩා පනත සං⁣ශෝධනයේ සිටම මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා යම් යම් ක්‍රීඩාවන් සම්බන්ධයෙන් ගනු ලබන තීරණවලදීත්,ජාත්‍යන්තර ක්‍රීඩා නීතින් සමඟ රටේ ක්‍රීඩාවට අහිතක් විය හැකි බව පෙන්නා දුන්නෙමු.නමුත් කොට්ටෝරුවන්ට ගස කෙසෙල් කීව ද තේරෙන්නෙ නැත.සමහර විට හොටය ගැන අධි තක්සේරුවට පත්වෙනවා ද විය හැකිය.

එසේම මෙම තීරණය FIFA විසින් ගෙන ආසියානු සංගමයට ක්‍රියාත්මක කිරීමට දැණුම් දී ඇත.සමහරවිට එවැනි තීරණ කිසියම් ආසියානු සංගමයක උවමනාවට ගත්තද,ජාත්‍යන්තර වශයෙන් එය ද අභියෝගයට ලක් විය හැකි බව ද ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයද දුර තියා තේරුම් ගෙන සිටීම වැදගත්ය.

මම ඇමති මට ඕනි දෙයක් කරන්න පුළුවන් කියා කටයතු කරන්නට ගියහොත් ක්‍රීඩාව මේ එහි පුළුල් විද්‍යාත්මක අර්ථයෙන් ගිලිහී රටේ තැන තැන කරන ඔට්ටු සෙල්ලමක් ගාණට වැටෙන්නට ඉඩ ඇත.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan