*
Monday, September 23, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 01/22

1. 2023 දී රටවල් 148ක් අතරින් ශ්‍රී ලංකාව සියයට 4ක ඍණ (-4.2%) ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බවට ලෝක බැංකුව පෙන්වා දෙයි – 2022 ජනවාරිවල ශ්‍රී ලංකාවේ ධන (+4%) ආර්ථිකය වර්ධනයක් පෙන්නුම්කළ අතර, 2023 සඳහා පුරෝකථනය කර තිබුණේ ද ධන (+4.5%) වර්ධනයකි – කෙසේවෙතත්, 2022 අප්‍රේල් 12 වැනි දින ණය පැහැර හැරීමේ නිවේදනයෙන් පසු සියලු ඇස්තමේන්තු උඩුයටිකුරු වූ අතර ආර්ථිකය හැකිලීම එතැන් පටන් ආරම්භ විය.

2. මහ බැංකුව සිය වසර 100 ක ඉතිහාසය තුළ මෙතෙක් නිකුත් කළ විශාලතම භාණ්ඩාගාර බිල්පත් තොගය ලබන සතියේ නිකුත් කිරීමට නියමිතය – එම බිල්පත් තොගයේ අගය රු. බිලියන 120 කි – මීට පෙර ඉහළම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව අවස්ථා 5කදී, එනම් 2022 වසරේ ජූනි 8, ජූනි 15, දෙසැම්බර් 14 දෙසැම්බර් 28 සහ 2023 වසරේ ජනවාරි 4 යන දිනයන්හි දී රු. බිලියන 98ක් ලෙස නිකුත් කර ඇත – රජයට ගෙවීමට නොහැකි නම්, මුදල් “මුද්‍රණය” කර ආපසු ගෙවීමට මහබැංකුව වෙත නියම කර ඇති බැවින් භාණ්ඩාගාර බිල්පත් ආයෝජනය සාමාන්‍යයෙන් “අවදානම් රහිත” ලෙස සලකනු ලබයි.

3. ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව සියයට 64ක ප්‍රතිශතයක් සමඟ ලෝකයේ ඉහළම ආහාර උද්ධමනයක් ඇති රටවල් අතුරින් 6වන ස්ථානයට පත්ව ඇති බව ලෝක බැංකුව ප්‍රකාශ කරයි – ඉදිරියෙන් සිටි රටවල් වනුයේ සිම්බාබ්වේ (376%), ලෙබනනය (171%), වෙනිසියුලාව (158%), ආර්ජන්ටිනාව (94%) සහ තුර්කිය (77%) වේ.

4. වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු වෘත්තිකයන් පිරිසක් එක්ව අසාධාරණ බදු ප්‍රතිපත්තිය ට එරෙහිව මුදල් අමාත්‍යාංශයෙන් ඉදිරිපිට විරෝධතාවයක! – වැඩිවන ජීවන වියදමට එරෙහිව හඬ නැඟීම ඔවුන් මෙලෙස එක්ව ඇති අතර, පොලිසිය, කැරලි මර්දන ඒකකය සහ නාවික හමුදාව විසින් විරෝධතාකරුවන්ට විසිර යාමට බල කරන ලදී.

5. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවකින් පසු, වහාම ක්‍රියාත්මක වන පරිදි, විදුලි ගාස්තු ඉහළ නැංවීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තම එකගතාවය පළ කරනු ලබයි.

6. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව රජය ප්‍රකාශ කරන්නේ නම්, පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ වැටුප් වලින් සියයට 75% ක් කප්පාදු කරන ලෙස ජාතික ජන බලවේගයේ නායක පා.ම. අනුර කුමාර දිසානායක යෝජනා කරයි.

7. පීපල්ස් ලීසිං, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, සීබීසී ෆිනෑන්ස්, එච්එන්බී ෆිනෑන්ස් සහ සියපත ෆිනෑන්ස් යන මූල්‍ය සහ ලීසිං සමාගම් 5ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය විසින් පහත හෙළයි – ණය පැහැර හැරීමේ ප්‍රතිඵලයක් ලෙස බැංකු 10ක් සහ රක්ෂණ සමාගම් කිහිපයක් ද මීට සමාන පහත හෙලීමකට ලක් කිරීමට එම ආයතනය කටයුතු කළේය.

8. රජය විසින් දෙවන වරටත් බිත්තර සඳහා නව උපරිම සිල්ලර මිලක් නියම කරයි –  සුදු බිත්තර – රු.44, දුඹුරු බිත්තර – රු.46.

9. ගල් අඟුරු නැව්ගත කිරීම් සඳහා ගෙවීමට රු. බිලියන 55ක් “සොයා ගැනීමට” මුදල් අමාත්‍යාංශය අරගල කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ මූලාශ්‍රයක් අනාවරණය කරයි – රුපියල් බිලියන 20ක් “සොයාගෙන” ඇති අතර, ශේෂය “සොයා ගැනීම” සඳහා දිගටම සාකච්ඡා පැවැත්වෙන බව සඳහන් – මාසය අවසන් වන විට මුදල් “සොයා නොගතහොත්” සහ ගල් අඟුරු ආනයනය නොකළහොත් දරුණු ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවෝ අනතුරු අඟවති.

10. කෘෂිරසායන තහනම හේතුවෙන් පොහොර හිඟයෙන් පීඩා විඳි තේ අපනයනය 2022 වසරේ දී වසර 25කින් අවම මට්ටමක් දක්වා පහත වැටී ඇති බව කර්මාන්ත වාර්තාවක් හෙළි කරයි – 2022 දී අපනයනය කර ඇත්තේ තේ කිලෝග්‍රෑම් මිලියන 250 ක් පමණි – එය 2021 ට සාපේක්ෂව සියයට 13 ක අඩුවීමකි – මෙය 1997 න් පසු වාර්තාවන අඩුම අගය ද වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan