නුවර එළිය – නානුඔය ප්රදේශයේදී පුද්ගලයින් 07 දෙනෙකු මරුමුවට පත්කරමින් සිදුවූ රිය අනතුරට අදාළව අත් අඩංගුවට ගෙන සිටි බස් රථ රියදුරා පෙබරවාරි 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
නුවර එළිය මහේස්ත්රාත් නාලක සංජීව එදිරිසිංහ මහතා අදාළ රියදුරු ප්රතිකාර ලබන නුවර එළිය දිස්ත්රික් රෝහලට ගොස් ඔහුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.
RN