උපරිම දුර ප්‍රමාණය කිලෝ මීටර් 100කට

Date:

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ විශේෂ මඟපෙන්වීම යටතේ මින්පසු අධ්‍යාපන චාරිකා සඳහා පාසල් සිසුන් රැගෙන යා හැකි උපරිම දුර ප්‍රමාණය සීමා කර ඇත. ඒ අනුව දිනකට සිසුන් රැගෙන යා හැකි උපරිම දුර ප්‍රමාණය කිලෝ මීටර් 100කට සීමා වී ඇත.

ඒ අනුව අධ්‍යාපන චාරිකා සඳහා පිටත්ව යන සිසුන් පස්වරු 6ට පෙර යළි අදාළ පාසලට රැගෙන ආ යුතු අතර ඉදිරියේදී අධ්‍යාපන චාරිකා සඳහා තෝරාගන්නා ප්‍රදේශ පිළිබඳව ද වැඩි අවධානයක් යොමු වනු ඇත. මෙම උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් සියලු පාසල් හා අධ්‍යාපන බලධාරීන් වෙත ඉදිරියේදී යොමු කිරීමට වහාම පියවර ගනු ඇත.

ඉකුත් 20 වන දින රාත්‍රියේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගත් බස් රථයක් වෑන් රථයක හා ත්‍රී රෝද රථයක ගැටීමෙන් අනතුරට ලක්වූ අතර සිදුවීමෙන් දරුවන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයන් සත් දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

නැවතත් මෙවැනි ඛේදවාචක සිදු නොවීම පෙරදැරිකරගෙන මෙම තීරණයට එළඹ ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...