මේක දෙයියන්ගේ හාල් කැවුන කප්පම් ආණ්ඩුවක් – විපක්ෂ නායක

මේ ආණ්ඩුවට රටේ ගොවියට වඩා පිටරට ගොවියා විශේෂ බවත්, අද වනවිට ආණ්ඩුව ජනතාවගෙන් කප්පම් ගන්නා මට්ටමට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සසුනට අරුණ” වැඩසටහන යටතේ තිස්සමහාරාම ආසනයේ බැරගම 4 ඇල විශූද්ධාරාම විහාරස්ථානයේ ඉදිකරනු ලැබූ දහම්පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම ඊයේ (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අද වනවිට පාරිභෝගික භාණ්ඩ මිල හිතුමනාපෙට ඉහළ යන බවත්, ආණ්ඩුවට ඒ කිසිවක් පිලිබදව වගක්වත් නැති බවත් පැවසූ විපක්ෂ නායකයා, ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවී ඇතැයිද කීය.

මේ අන්තනෝමතික පාලනය තුළ සමස්ත ගොවිජනතාව අනාථවී ඇති බව කී ඒ මහතා මේ ආණ්ඩුව බිහිවී ඇත්තේ ජනතාව වනසා දැමීමට බවත් කීය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...