Saturday, June 3, 2023
spot_img

Latest Posts

මොරටුව විශ්ව විද්‍යාලය DP පදනම සමඟ තොරතුරු තාක්ෂණ කාර්ය බලකායක් පිහිටුවයි!

වමේ සිට: Centre for Open & Distance Learning අධ්‍යක්ෂ D.E.W.V. නානායක්කාර, මොරටුව විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති P.K.S. මහානාම, මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති N.D.ගුණවර්ධන, DP Education නිර්මාතෘ සහ වැලිබල් වන් සමූහ ව්‍යාපාරයේ සභාපති ධම්මික පෙරේරා, මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මලික් රණසිංහ
මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති N.D.ගුණවර්ධන මහතා සහ DP Education නිර්මාතෘ සහ වැලිබල් වන් සමූහ ව්‍යාපාරයේ සභාපති ධම්මික පෙරේරා මහතා අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගනිමින්.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (Information and Communication Technology – ICT) අධ්‍යාපනයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මොරටුව විශ්වවිද්‍යාලය සහ ධම්මික සහ ප්‍රිසිලා පදනම (Dhammika & Priscilla Perera Foundation – DP Foundation) ඒකාබද්ධව, විවෘත මාර්ගගත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාඨමාලාවක් ආරම්භ කිරීම, සංවර්ධනය සහ බෙදා හැරීම සඳහා අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීම ඉකුත් ජනවාරි 04 දින සිදුවන ලදී.

මෙම නව ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය කෙරේ ඇල්මක් දක්වන ඕනෑම පුද්ගලයකු සඳහා නොමිලේ එම විෂයය ඉගෙන ගැනීමේ අවස්ථාව සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ දැනුම සඳහා අසීමිත ප්‍රවේශයක් ලබාදීමයි.

ධම්මික සහ ප්‍රිසිලා පදනම එහි DP Education අංශය හරහා, මාර්ගගත පාඨමාලා නිර්මාණය සඳහා අවශ්‍ය අරමුදල් සැපයීම, යටිතල පහසුකම් හා මානව සම්පත් සැපයීම මඟින් මොරටුව විශ්ව විද්‍යාලයට මෙම නව මුලපිරීම සඳහා දායකත්වය ලබා දී තිබේ.

දැනට, ‘University of Moratuwa – BIT Online’ නම් යූටියුබ් නාලිකාව සඳහා ප්‍රවිශ්ට වීමට පහසුකම් සපයා ඇති අතර, ඒ තුළින් තොරතුරු තාක්ෂණයට අදාළ ගණිතය, වෙබ්අඩවි වැඩසටහන්කරණය (Web Programming), දත්ත සමුදා කළමනාකරණ පද්ධති (Database Management Systems) සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදුම් වැනි විෂයයන් අධ්‍යයනය කිරීමේ හැකියාව ලැබේ.

දැනුම මත පදනම් වූ සමාජයක් බිහිකිරීමෙහිලා සහ සෑම ශ්‍රී ලාංකිකයෙකුගේ ම කුසලතාවයන් වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාවේ විශාලතම නොමිලේ මාර්ගගත අධ්‍යාපන වේදිකාව වන DP Education, ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා යුවළ ගේ පරිත්‍යාගශීලී මුලපිරීමක් වන DP පදනම ඔස්සේ ක්‍රියාත්මක වෙයි.

වැඩිදුර තොරතුරු සඳහා DP Education වෙබ්අඩවිය වෙත පිවිසෙන්න: https://www.dpeducation.lk/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.