දියගමදී නාවික හමුදාවට යුද හමුදාවෙන් ප්‍රහාරයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 22 කොළඹ (LNW): කළකට පසුව පැවති ජාතික බේස්බෝල් සූරතාවලියේ සූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමත් වුණා.ඔවුන් අතින් අවසාන තරගයේදි පරාජයට පත් වුණේ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමයි.අවසන් තරගයේ ලකුණු තත්ත්වය සටහන් වුනේ 9-4 ක් ලෙසයි.
මේ තරගාවලියේ ස්වභාවය නිරීක්ෂණයේදී ත්‍රිවිධ හමුදාවන් බේස්බෝල් ක්‍රීඩාවද ආක්‍රමණය කරමින් තිබෙන බව පැහැදිළි වුණා.සමාජ සම්බන්ධතා මත වෘත්තීමය නොවන මට්ටමකින් පවත්වාගෙන යන රෝයල් බ්ලූ වැනි ක්‍රීඩා සමාජයක් පමණක් අවසන් පූර්ව තරග සඳහා පැමිණියද අනෙකුත් ක්‍රීඩා සමාජයලට වෘත්තිමය වශයෙන් බේස්බෝල් වූ ත්‍රිව්ධ හමුදා කණ්ඩායම් අභිබවා යාමට නොහැකි වුණා.

මේ තත්ත්වය යහපත් මෙන්ම අයහපත් ලක්ෂණ ද ඇතුළත් දෙයක් වෙනවා.ත්‍රිවිධ හමුදාව හරහා ක්‍රීඩාව පවතින නිසා බේස්බෝල් පැවතීම මෙහි ඇති යහපත්ම ලක්ෂණය වන අතර ඊට අකමැති හෝ ඒ සඳහා නොවන ඉහළ අධ්‍යාපනයක් ඇති පිරිස් බලාපොරොත්තු වන වෘත්තීය ජීවිතයට සරිලන විදිහට බේස්බෝල් සඳහා වෘත්තිය පදනමක් නොමැති වීම අඩුවක් ලෙස පවතිනවා.කෙසේ හෝ ත්‍රිවිධ හමුදාවන්ගේ එළැඹිම යහපත් වන අතර ඒ තත්ත්වයන් සුරක්ෂිත කර ගනිමින් බේස්බෝල් ක්‍රීඩකයන්ට වෘත්තීය මට්ටමට ළඟා විය හැකි පසුබිමක් සකස් කිරීම නව පරිපාලනයේ අවධානය යොමු විය යුතු කාරණයක්.

ඇත්ත කුමක් වුව ද,මේ මොහොතේ නැවත ජාතික සූරතාවලිය පන ගැන්වීම බේස්බෝල් ක්‍රීඩාවේ පැවත්මට සහ ව්‍යාප්තියටත්,සමාජ ආකර්ශණය පළල් කිරීමටත් ගත් හොද තීරණයක් බව කිය යුතුයි.ඒ නිසා වැසී යමින් තිබුණු බේස්බෝල් ජාතික තරගාවලිය නැවත පණ ගැන්වීම අතිශයින් වැදගත් කාරණයක් ලෙස හැඳින්විය හැකියි.

තරගාවලියේ පෞද්ගලික දක්ෂතා සම්බන්ධයෙන් සැළකිල්ල යොමු කරද්දී තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වන්නට ශ්‍රී ලංකා යුද හමුදාවේ මාලක ප්‍රියදර්ශන සමත් වුණා.හොඳම පිිතිකරු (Best Batter) පමණක් නාවික හමුදාවට හිමි වූ අතර එම දක්ෂතාවය දැක්වූවේ තුෂාර විමලමිංහ යි. පන්දු යොමු කිරීමේදී වඩාත් දක්ෂ ක්‍රීඩකයා ලෙස (Best Pitcher) ඇගයීමට පත් වූයේ යුද හමුදාවේ කමල් කිත්සිරි වූ අතර හොඳම පන්දු රකින්නා ලෙස ඇගයීමට පත් වූයේ යුද හමුදා කණ්ඩායම නියෝජනය කළ සමීර රත්නායකයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...