චීන විරෝධී Lai Ching-te ට ජපා­නය සුබ­ පැ­තීම චීනය හෙළා දකී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීන විරෝධී Lai Ching-te , තායි­වා­නයේ නව ජනා­ධි­ප­ති­ව­රයා ලෙස තේරී පත්වීම සම්බ­න්ධව ජපා­නය සුබ­ පැ­තීම චීනය හෙළා දැක ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජපාන විදේශ ඇමැති යෝකෝ කමි­කාවා විසින් සුබ ­පැ­තුම් පණි­වු­ඩය තායි­වා­නයේ නව ජනා­ධි­ප­ති­ව­රයාට යොමු කර ඇති  අතර, එම සිදු­වීම හෙළා දකින බව ජපා­නයේ චීන තානා­පති කාර්යා­ලය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳහන් කරයි.

අති­ශ­යින්ම තීර­ණා­ත්මක  හවු­ල්ක­රු­වකු සහ වැද­ගත් මිතු­රකු ලෙස ජපාන විදේශ ඇමැ­ති­ව­රයා තායි­වා­නයේ නව  ජනා­ධි­ප­ති­ව­රයා හඳුන්වා දීම පිළි­බඳ සිය විරෝ­ධ­තාව ප්‍රකාශ කරන බවත්, එය චීනයේ  අභ්‍ය­න්තර කට­යු­තු­ව­ලට බර­ප­තළ මැදි­හ­ත්වී­මක් බවත් ජපා­නයේ චීන තානා­පති සිය නිල  වෙඩ් අඩ­වියේ සඳ­හන් කර ඇති බවද සඳහන් වේ.

චීනය සමඟ රාජ්‍ය­තා­න්ත්‍රික  සබ­ඳතා පවත්වා ගන්නා රට­ව­ලට තායි­වා­නය සමඟ නිල වශ­යෙන් රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා  පවත්වා නොගැ­නීම පූර්ව කොන්දේ­සි­යක් බවට පත් කර ඇති අතර, චිනය සමඟ  රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා ඇති සෙසු රට­වල් මෙන්ම ජපා­නය ද එම කොන්දේ­සි­යට අනුව  තායි­වා­නය සමඟ නිල සම්බ­න්ධතා නොප­ව­ත්වන බැවින් එරට නව ජනා­ධි­ප­ති­ව­ර­යාට සුබ  පැතීම  එම කොන්දේසි කඩ කිරී­මක් බවත් ජපා­නයේ චීන තානා­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත්  සඳ­හන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය නිළවශයෙන් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...