බහුකාර්ය සංවර්ධන සහයකයින් 74 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය කෙරේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 කොළඹ (LNW): අද (22) පෙරවරුවේ බහු කාර්‍ය සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට බඳවා ගත්, බහුකාර්ය සංවර්ධන සහයකයින් 74 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.

එහිදී වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියේ, දුප්පත් අහිංසක ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබා, ඔවුන් වෙනුවෙන් සේවය කිරීමේ වගකීමෙන් බැහැරවීමට රාජ්‍ය සේවකයාට නොහැකි බවයි.

පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් උක්ත ප්‍රකාශය සිදුකළ අතර, ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයින්ට සමස්ත ජනතාව වෙනුවෙන් අත්හල නොහැකි වගකීම් රාශියක් පැවැරී ඇති බවත්, රාජ්‍ය සේවකයෙකු ලෙස වරප්‍රසාද භුක්ති විඳිමින් සිට ජනතාවට සේවය නොකර සිටිය නොහැකි බවත්, අප උපන් මාතෘභූමියට උපරිම සාධාරණය ඉටුකිරීම රාජ්‍ය සේවයට එක්වන සැමගේ වගකීම බවත් අමාත්‍යවරිය විසින් මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

පත්වීම්ලාභීන් “රියදුරු, කෘෂි සහයක, ජලනල කාර්මික හා විදුලි කාර්මික” යන විෂය ක්ෂේත්‍ර යටතේ ජාතික වෘත්තීය කුසලතා (N.V.Q.03) වන මට්ටමේ සුදුසුකම් ලාභීන් වන අතර,මහවැලි කලාප කාර්යාල තුළ පවතින පුරප්පාඩු සඳහා මොවුන් යෙදවීමට අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...