රුසියාව යුක්රේන යුද්ධය අවසන් නොකළහොත් නව සම්බාධක සහ තීරුබදු ක්‍රියාත්මක කරන බවට ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුක්රේනයේ යුද්ධය අවසන් වන තෙක් මොස්කව් වෙත නව බදු, තීරුබදු සහ සම්බාධක පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

තමා බලයට පත්වී පැය 24ක් ඇතුලත යුක්රේන යුද්ධය අවසන් කරන බවට ට්‍රම්ප් මැතිවරණ වේදිකාවේදී පොරොන්දු වූ අතර පසුගිය සතියේ ඇමෙරිකානු මාධ්‍ය සඳහන් කර තිබුණේ, දින 100කින් යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප් සිය විශේෂ නියෝජිත කීත් කෙලොග්ට උපදෙස් දුන් බවයි.

හිටපු ජනාධිපති ජෝ බයිඩන් රුසියාවේ බලශක්ති අංශ වෙත අවධානය යොමු කරමින් සිය ධුරයෙන් නික්මෙන්නට පෙරාතුව ගෑස්, තෙල් සහ ද්‍රව ස්වභාවික වායු අංශවලට නව සීමා පැනවූ අතර ට්‍රම්ප් මෙහිදී තීරුබදු පනවන්නේ නම් කුමන ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කරන්නේද යන්න නිශ්චිතව දක්වා නැත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විශ්ලේෂකයන් සඳහන් කරන්නේ ට්‍රම්ප්ගේ නිලධාරීන් විශ්වාස කරන්නේ පුටින් සාකච්ඡා මේසයට ගෙන ඒමට ට්‍රම්ප් ක්‍රියා කරන බැවින් එක්සත් ජනපදයට රුසියාවේ ප්‍රධාන ආදායම් මාර්ගයන් තවදුරටත් කපා හැරිය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපුර රෝහලෙන් CID යට පැමිණිල්ලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : තම කීර්ති...

අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : රාජ්‍ය ඖෂධ නිෂ්පාදන...

ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...

වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව...