ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:බය කර, තර්ජනය කර, අගුරව කර රාජ්‍ය පාලනය කර ගෙන යාමට ආණ්ඩුව සිතන්නේ නම් එය සිහිනයක් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙන්වා දෙයි.
”ලාල්කාන්ත හිතනවානම් තර්ජනය කරලා බය කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න මහා සංඝරත්නයට අගෞරව කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න ඒ වගේම රජයේ නිලධාරීන් බය කරගෙන නීතිපති දෙපාර්තමේන්තුව බය කරගෙන අධිකරණ පද්ධතිය බය කරගෙන යන්න එය සිහිනයක් විතරයි”
ඒ අනුව මේ මොහොතේ විපක්ෂයේ සංඥා හඳුනා ගැනීම නොව ජනතාව විසින් දෙමින් සිටින පණිවිඩය හඳුනාගත යුතු බවයි මන්ත්‍රීවරයා පවසනේ.
”එතුමන්ලාගේ දේශපාලන න්‍යාය පත්‍රය ඇතුළේ කිසි කෙනෙක් අදාල නැති කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැති දේශපාලනයක් තියෙන්නේ. ලාල්කාන්ත හිතනවානම් තර්ජනය කරලා බය කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න මහා සංඝරත්නයට අගෞරව කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න ඒ වගේම රජයේ නිලධාරීන් බය කරගෙන නීතිපති දෙපාර්තමේන්තුව බය කරගෙන අධිකරණ පද්ධතිය බය කරගෙන ඒකනේ කවුරුත් අදාල නෑ කිව්වේ. තමන්ට අදාල නැති වෙන්න පුළුවන් පුළුවන්. ඒත් රටට අදාලයි රටේ පැවැත්මට අදාලයි.මම දැක්කා එතුමා කියලා තියෙනවා කැට පෝලෙන් ගහන්න පුළුවන් ඒවට කාලතුවක්කු පාවිච්චි කරන්නේ නෑ කියලා.ඉතිං එතුමාට කියන්න තියෙන්නෙත් අපි ජිල් බෝලෙන් ගහන්න පුළුවන් ඒවටත් කැට පෝලේ පාවිච්චි කරන්නේ නෑ. අපිට වඩා ඔය බය රටේ සාමාන්‍ය ජනතාවට දැනෙනවා.මොකද හැමදාම රටේ කොහේ හරි තැනක සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙඩි තියලා ජීවිතයක් දෙකක් නැති කරනවා. සංවිධානාත්මක අපරාධ පිටිපස්සේ පැහැදිලිවම මේ ආණ්ඩුව ඉන්නවා මම මීට කලිනුත් කිව්වා.මොකද ආණ්ඩුවෙන් පෝෂණය ලබන සංවිධානාත්මක අපරාධකරුවෝ ඉන්නවා.අද ආණ්ඩුව මත්ද්‍රව්‍ය අල්ලනවා කියනවා.හැබැයි ඔබ බැලුවොත් මත්ද්‍රව්‍ය කිලෝ ගණන් අල්ලපු හැම නිලධාරියෙක්ටම ස්ථාන මාරු දීලා තියෙනවා.මත්ද්‍රව්‍ය වැඩියෙන්ම වැටලීම් කරපු හැම නිලධාරියෙක්ටම ආණ්ඩුව ස්ථාන මාරුවීම් දීලා තියෙනවා. ඇයි ඒ තමන්ගේ ආණ්ඩුවට සහයෝගය දෙන සංවිධානාත්මක අපරාධකරුවෙන්ගේ මත්ද්‍රව්‍ය හෝ සංවිධානාත්මක අපරාධයක් ඇල්ලුවොත් ඔහුව ඒ තැනින් ඉවත් කරලා දානවා.වරාය කන්ටේනර් 323 ක් පැන්නුවම අල්ලන්න බෑ.හැබැයි වරායේ හොරාට සිගරට් ගෙනාපු කෙනාව අල්ලපු නිලධාරියව මාරු කරා.ඒ වගේම පහුගිය කාලේ නාකොටික් එකේ හිටපු නිලධාරීන් කී දෙනෙක්ට ස්ථාන මාරුවීම් දීලා තියෙනවද මත්ද්‍රව්‍ය ඇල්ලුවම.ආණ්ඩුව හිතනවනම් ලාල් කාන්ත ඇමතිතුමා වෙන්න පුළුවන්, ජනාධිපතිතුමා වෙන්න පුළුවන් හිතනවනම් බය කරලා ආණ්ඩුව කරන් යන්න ඒක හරි යන්නෙ නෑ.” යනුවෙන් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.


