ලංකාවේ කණිෂ්ඨ ස්කොෂ් සූරතාවලියට ආසියාවේ රටවල් 11 ක්

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW:

ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, ඉරානය, හොංකොං–චීනය, මැකාවෝ–චීනය, පකිස්ථානය යන රටවල් 11ක ආසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය ද ඇතුව ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය මගින් සංවිධානය කරනු ලබන 2026 කනිෂ්ඨ විවෘත ස්කොෂ් ශූරතාවලිය, ආසියානු කනිෂ්ඨ සුපර් සීරිස් තරගාවලියක් ලෙස ජනවාරි මස 28 වන දින සිට පෙබරවාරි මස 01 දක්වා රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා ස්කොෂ් සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.


ඒ අනුව මෙම ශූරතාවලිය සඳහා වයස අවුරුදු 11 න් පහළ සිට 19 න් පහළ දක්වා විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති අතර විදේශ ක්‍රීඩක ක්‍රීඩකයින් 55 දෙනෙකු ද ඇතුළත් වේ
කනිෂ්ඨ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා ප්‍රවර්ධනයට වැදගත් අවස්ථාවක් වන මෙම ශූරතාවලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික ස්කොෂ් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහ ආසියානු ස්කොෂ් සම්මේලන නිල ශ්‍රේණිගත කිරීම් සඳහා අවශ්‍ය ලකුණු ලබා ගැනීමටද අවස්ථාව හිමි වේ.


මෙම ශූරතාවලිය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ස්කොෂ් සභාපති ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පැවසුවේ මෙවැනි ස්කොෂ් ශූරතාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම රටේ ස්කොෂ් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට වැදගත් සන්ධිස්ථානයක් වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...

ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි – නාමල්

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ලාල්කාන්ත හිතනවානම් තර්ජනය...

Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම්...

අනුෂ පැල්පිට අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට...