ජනපති අනුරට හිටපු කථානායක කරු ජයසූරියගෙන් ලිපියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධව හිටපු කථානායකවරයෙකු වූ කරු ජයසූරිය මහතා විසින් ලිපියක් යොමු කර තිබේ.

ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය නියෝජනය කරමින් එහි අනුශාසකවරයා ලෙස ඒ මහතා අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත. අදාළ ලිපිය මගින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ මෙරට නිදහස ලබන විට ඉඩම් හිමි උගත්, ධනවත් ප්‍රභූ පන්තියට දේශපාලනය සීමා වී ඇති බවත් 1956 වසරෙන් පසු සාමාන්‍ය පොදු මිනිසාට දේශපාලනයෙන් ඉඩ ලැබුණු බැවින් විශාල සමාජ විපර්යාසයක්ද ඇති වූ බවය.

එම තත්ත්වය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් අහිමි කිරීම වැනි කරුණු හේතුවෙන් ධනවතුන්ට, ව්‍යාපාරිකයින්ට හා අයුතු ලෙස මුදල් උපයන පුද්ගලයින්ට සහ ධනවත් දේශපාලන පක්ෂවලට පමණක් දේශපාලනය සීමා වන බවත් මේ තුළින් අවංක සමාජ සේවකයන්ට  දේශපාලන ක්ෂේත්‍රයට ඉදිරිපත්විය නොහැකි වනු ඇති බවත් එම ලිපිය මගින් හිටපු කතානායකවරයා පෙන්වා දී තිබේ.

තවද තමන් ඇතුළුව ඉතා සුළු පිරිසක් මෙම විශ්‍රාම වැටුප සමාජයීය හා පුණ්‍ය කටයුතු සඳහා යෙදවුවද අති බහුතරයක් මන්ත්‍රීවරුන් ජීවත් වන්නේ මෙම විශ්‍රාම වැටුපෙන් බවත් පෙන්වා දෙන කරු ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අදාළ ලිපිය මගින් ඉල්ලා ඇත්තේ ඉදිරියේදී නව ව්‍යවස්ථාවක් සඳහා පියවර ගැනීමට රජය අදහස් කරන බැවින් එහිදී මෙම කරුණ කෙරෙහි අවධානය යොමු කර සුදුසු පියවරක් ගන්නා ලෙසය.

හිටපු කතානායකවරයා ජනාධිපතිවරයා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින් දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...