අසත්‍ය තොරතුරු සමාජගත කිරීමක් …

Date:

රට පුරා කෘෂිකර්මාන්තය අඩාල වී ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන යාමේ සැලැස්මක් එක්තරා දේශපාලන පක්ෂයක් විසින් දියත් කරමින් තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ හම්බන්තොට දී පැවතී මාධ්‍ය හමුවක් අමතමින් ය.

“ගිය වතාවේ කිව්වේ බාල පොහොර ගෙනාවා කියලා. ගිය යල කන්නයේම කිව්වා. දේශපාලන උවමනාවක් තියෙන කණ්ඩායම් විවිධ දේවල් කියනවා. පස්සේ කට වහගත්තා. මම කිව්වා ඔප්පු කරලා පෙන්වන්න, නැත්නම් මාත් එක්ක විවාදයකට එන්න කියලා. ඔක්කෝම මඟ ඇරලා ගියා ගිය පාර හොඳම පොහොර දුන්නේ කියලා. මේ සැරෙත් මේ ලෙඩ පටන් ගන්නකොටම කිව්වා බාල පොහොර ගෙනල්ලා යූරියා කියලා. ඒක හරි ගියේ නැති වුණාම ඒක තහවුරු කරගන්න බැරි වුණා, හොඳම පොහොර ගෙනල්ලා තියෙන්නේ. දැන් කියනවා කාබනික පොහොර බාලයි කියලා. මේවා කරන කට්ටිය ඉන්නවා. අද සැලසුම් සහගත එක දේශපාලන පක්ෂයක් උපදෙස් ලබාදීලා තියෙනවා, මට තොරතුරු ලැබිලා තියෙනවා සෑම තැනම මාධ්‍ය සාකච්ඡා තියලා කෘෂිකර්මාන්තය අඬාල වුණා කියලා දිනපතා මාධ්‍ය සාකච්ඡා පවත්වන්න කියලා එක්තරා දේශපාලන පක්ෂයකට සම්බන්ධ ගොවි සංවිධානයකට උපදෙස් ටිකකුත් කරලා තියෙනවා. ඒ අනුව තමා සංවිධාන මට්ටමින් කටයුතු කරන්නේ. ඒවා ප්‍රශ්නයක් නෑ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...