ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට (PUCSL) ලිපියක් යවමින් 2022 අ.පො.ස උසස් පෙළ විභාග කාලය තුළ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස ඉල්ලා ඇත.
ඒ අනුව උසස්පෙළ සිසුන්ට අධ්‍යාපනයට ඇති අයිතිය බාධාවකින් තොරව භුක්ති විඳීමට හැකිවන බව පෙන්වා දෙමින් විභාග සමයේදී විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව විෂය අමාත්‍යාංශයෙන් සහ මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටී.
රෂිකා හෙන්නායක