රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන දිනයන් ගැන නිවේදනයක්!

Date:

රජයේ සේවකයන්ගේ මාසික වැටුප් ගෙවන දිනයන් පිළිබඳ මුදල් අමාත්‍යංශය විසින් නිවේදනයක් සිදුකර තිබේ.

ඒ අනුව, විධායක නොවන ශ්‍රේණියේ රජයේ සේවකයන්ගේ මාසික වැටුප් ජනවාරි 25 වන දින ද, විධායක ශ්‍රේණියේ රජයේ සේවකයන්ගේ මාසික වැටුප් එදිනම හෝ ඊට පසු දින, ජනවාරි 26 වන දින ගෙවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියේ.

රටේ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම දින කිහිපයකින් ප්‍රමාද වනු ඇති බවට ඉකුත් සතියේ රජය විසින් නිවේදනය කර තිබිණි.

මෙම වර්ෂය සඳහා වූ රජයේ ආදායම් සැලැස්ම අනුව එකී ප්‍රමාදය සිදු කිරීමට පියවර ගෙන තිබූ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කළ යෝජනාවක් හරහා රජයේ වියදම් කලමනාකරණය කර ගැනීමට රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම පමා කර තිබිණි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...