තවමත් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර ගැසට් නිවේදනය නිකුත් කර නැහැ – ප්‍රතිභා මහානාමහේවා

Date:

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 පැවැත්වෙනවා යැයි මාධ්‍ය නිවේදන නිකුත් කළාට තවමත් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර ගැසට් නිවේදනය නිකුත් කර නැති බව හිටපු මානව හිමිකම් කොමසාරිස් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.

එලෙස ගැසට් නිවේදනය නිකුත් කළා නම් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට කොමිසමේ සාමාජිකයන් කී දෙනෙකු කැමැත්ත දුන්නා දැයි ජනතාවට නිවැරැදි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද ඔහු සඳහන් කළේය.

නීතිය වන්නේ මැතිවරණ දිනය මාධ්‍යයට ප්‍රකාශ කිරීම නොව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම බවත් 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ලබන බදාදා (25) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වෙන පසුබිම යටතේ මැතිවරණ කොමිෂන් සභාව ද සිටිනුයේ අන්තරාභවයක් වැනි තත්ත්වයක බව කී මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා මෙවැනි තත්වයක් යටතේ අනිවාර්යයෙන්ම ගැසට් නිවේදනය නිකුත් කළ යුතුව තිබෙන බව ද අවධාරණය කරයි.

පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රයේ මැතිවරණ කොමිසමේ පස් දෙනාගේම නම් සඳහන්ව තිබුණ අතර මැතිවරණයට දින නියම කිරීම සඳහා ද එවැනිම පියවරක් අනුගමනය කළ යුතු අතර ඡන්ද දිනය තීරණය කිරීම වැනි වැදගත් වැඩකට මුළු කොමිසම ම අවශ්‍ය වෙන බැවින් මැතිවරණය පවත්වන දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කර නැතැයි කීමෙන් වක්‍රව ප්‍රකාශ කෙරෙන්නේ කුමක්දැයි හෙතෙම ප්‍රශ්න කර සිටියි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වත්තල ඔගස්ටීන් ….

වත්තල ඔගස්ටීන් භික්ෂුණීන් වගයකට අමතල. දැන් ඉන්නේ ඇතුලේ. හේතුව...

දකුණු ආසියාව ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයේ

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ඉන්දියාවේ රංචි නුවරදී පැවති සිව්වන...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 04) දිනයේදී සබරගමුව, මධ්‍යම,...