*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය ගැන මෙතෙක් හෙළිවූ තොරතුරු (VIDEO)

ඊයේ (22) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් හයක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

“උදෑසන අපි කිව්වා මේ වෙඩිතැබීම සඳහා පැමිණ ඇත්තේ කැබ් රථයක් කියලා. එහෙම කිව්වේ මේ ඩිෆෙන්ඩර් රථය අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුවෙන් පිටවෙන අවස්ථාවේ කැබ් රථයක් පසුපසින් ඇවිල්ලා තියෙනවා, ඒ නිසා ඒ ගැන සැක අතිකර ගත්තා. ඒ වගේම ඒ වෙළඳසැලේ හිටපු සේවකයෙක් සාක්ෂි දෙමින් ඒ කැබ් රථයක් කියලා තොරතුරු තමයි ලබාදීලා තිබුණේ. කොහොමහරි තවදුරටත් විමර්ශනය කිරීමේදී අනාවරණය වුණා මෙය කැබ් රථයක් නෙවෙයි කියලා. මොකද ඒ වෙඩිතැබූ අවස්ථාවේ ඒ අවට සිටි අය සාක්ෂි ලබාදීමේදී යම්කිසි ආකාරයේ කලබල වීමක් සිදුවෙලා තිබෙන්නට ඇති. පසුව අනාවරණය වුණා මේ වෙඩිතැබීමට පැමිණි පිරිස පැමිණිලා තියෙන්නේ ජීප් රථයකින් කියලා. ඒ පිළිබඳවත් අපි වැඩිදුර විමර්ශන කරනවා, මොකද ජීප් රථයක් හඳුනාගෙන නැති නිසා තවමත්. කොහොම වුණත් සැකකටයුතු ජීප් රථයක් ගැන විමර්ශන කරනවා. මේ ජීප් රථයෙන් බැහැපු පුද්ගලයෙක් මේ ඩිෆෙන්ඩරයේ හිටපු පුද්ගලයින් හතර දෙනෙකුට වෙඩිතියලා තියෙනවා. ඒ එහි රියදුරුට වෙඩිතැබීම සිදුකරලා තියෙන්නේ ඒ ජීප් රථයේ පැමිණි තවත් පුද්ගලයෙක් කියලා තමයි අනාවරණය වෙන්නේ. ඒ අනුව මෙම වෙඩිතැබීම සඳහා ආයුධ දෙකක් භාවිතා කරපු බවට පොලිසිය සැක කරනවා.

මෙතෙක් මේ වෙඩිතැබීම සඳහා පැමිණි සැකකරුවන් කවුද යන්න හඳූනාගෙන නෑ. කුමන සම්බන්ධතාවයක් උඩ, කුමන ප්‍රශ්නයක් උඩ මෙය සිදුවුණාද කියලාත් අනාවරණය වෙලා නෑ. නමුත් මේ පිරිස ගමන් කරලා තියෙන්නේ අද දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වීමට නියමිත නඩුවකට සාක්ෂි ලබාදීම සඳහා කියලා – දැනට වසරකට පමණ පෙර තංගල්ල ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළව එහි සැකකරුවන් විදියට මොවුන් අත් අඩංගුවට පත්වෙලා පසුව ඇප මත නිදහස් වෙලා ඔවුන් අද මේ නඩුවට සාක්ෂි ලබාදීමට ගමන් කළ බවට තමයි දැනට තොරතුරු අනාවරණය වෙලා තියෙන්නෙ.

කොහොම වුණත් මේ පිළිබඳ දීර්ඝ විමර්ශනයක් කරනවා. දැනටමත් දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කණ්ඩායම් හයක් පත්කරලා තියෙනවා. මූලිකවම දකුණු පළාත් අපරාධ කොට්ඨාසය, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, ඊට අමතරව තංගල්ල මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා යටතේ වෙනම කණ්ඩායමක් යොදවලා තියෙනවා, බෙලිඅත්ත පොලිස් කොට්ඨාසය තවත් කණ්ඩායමක් යොදවලා තියෙනවා, කොට්ඨාස භාර නිලධාරියා විසින් කොට්ඨාසයෙන් ලබාගත් නිලධාරීන්ගෙන් තවත් කණ්ඩායමක් සකස් කරලා තියෙනවා, ඒ වගේම බුද්ධි නිලධාරීන් මේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට අදාළ විමර්ශන ක්‍රියාත්මක කරනවා”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan