ලංකා බැංකුව මෙම වර්ෂයේදී රුපියල් බිලියන 55ක මුදලක් රජයට ලබාදීමට නියමිතයි.

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

ජනවාරි 23,
මහනුවර (LNW):මෙම වර්ෂයේදී ලංකා බැංකුව රුපියල් බිලියන 55ක බදු හා ලාබාංශ මුදලක් රජයට ලබාදීමට අපේක්ෂා කරන බව එම බැංකුවේ මහ කළමණාකාර රසල් ෆොන්සේකා මහතා පවසයි.
ඉකුත් වර්ෂයේදී බදු හා ලාබාංශ වශයෙන් රුපියල් බිලියන 25ක මුදලක් රජයට ලබාදී ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ලංකා බැංකුවේ මහනුවර දෙවන ශාඛාව විවෘත කිරීම ඊයේ (22) සිදුවූ අතර එහි පැවැති උත්සව සභාවේදී මහ කළමණාකාරවරයා මේ බව කීවේය.
වර්ෂ 1939දී මහනුවර දළඳා වීදියේ ආරම්භ කොට ඇති මෙම ශාඛාව ලංකා බැංකුවේ අගනුවර ප්‍රධාන කාර්යාලයට බැහැරව ඉදිවූ පළමු ශාඛා කාර්යාලය වේ. අති නවීන පහසුකම් හා ඩිජිටල් තාක්ෂණයෙන් මෙම නව ශාඛාව සමන්විත වන අතර මහජන ගනු දෙනු සඳහා නවීන ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍ර ද මෙහි ස්ථාපිතය.

එහිදී තව දුරටත් අදහස් පළ කළ ලංකා බැංකු මහ කළමණාකරු සඳහන් කර සිටියේ මිලියන 22ක් වන මෙරට ජනගහණයෙන් මිලියන 15ක පිරිසක් ලංකා බැංකුවේ ගනු දෙනුකරුවන් වන බවයි. වසර 84ක ඉතිහාසයකින් යුක්ත මෙම බැංකුව මෙරට මහජනයාගේ විශ්වාසය දිනා ගත් මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවක් යැයි ද ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.

ලංකා බැංකු අධ්යක්ෂ මණ්ඩල සාමාජික මහාචාර්ය කිත්සිරි ලියනගේ මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා, ලංකා බැංකුවේ මධ්‍යම පළාත් සහකාර මහා කළමනාකරු සරත් විජේසිංහ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...