උප්පැන්න පුරවැසිභාවය අවසන් කිරීමේ ට්‍රම්ප්ගේ විධායක නියෝගය අධිකරණය අවහිර කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ සංක්‍රමණිකයන් පලවා හැරීමේ විශාලතම පිටුවහල් කිරීම කරන බවට කරන ලද මැතිවරණ පොරොන්දුව අනුව යමින්, එළඹෙන පෙබරවාරි මස 19 වැනිදා සිට බලාත්මක වීමට නියමිතව තිබූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද සංක්‍රමණිකයන්ගේ දරුවන්ට එක්සත් ජනපද පුරවැසිභාවය ලබා නොදීමේ විධායක නියෝගය සියැටල් හි ෆෙඩරල් දිස්ත්‍රික් විනිසුරුවරයෙකු වන ජෝන් කෝග්නෝර් විසින් තාවකාලික තහනම් නියෝගයක් නිකුත් කරමින් අවහිර කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප් මෙම විධායක නියෝගය මඟින් එක්සත් ජනපද ආයතනවලට නියෝග කළේ ඔවුන්ගේ මව හෝ පියා එක්සත් ජනපද පුරවැසියෙකු හෝ නීත්‍යානුකූල ස්ථිර පදිංචිකරුවෙකු නොවේ නම් එක්සත් ජනපදයේ උපත ලබන දරුවන්ගේ පුරවැසිභාවය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලෙසයි.

කෙසේ නමුත්, මෙම නියෝගය දැනටමත් සිවිල් අයිතිවාසිකම් කණ්ඩායම් සහ ප්‍රාන්ත 22 ක ඩිමොක්‍රටික් නීතිපතිවරුන් විසින් නඩු පහකට විෂය වී ඇති අතර ඔවුන් හඳුන්වන්නේ මෙය එක්සත් ජනපද ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනයේ පුරවැසිභාවය පිළිබඳ වගන්ති අමු අමුවේ උල්ලංගනය කිරීමක් වශයෙන් හඳුන්වා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...

යුරෝපා සංගමය රුසියානු වත්කම්වලින් යුරෝ බිලියන ගණනක් යුරේනයට ලබා දෙන ලකුණු

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසල්ස්...

රෝගීන් 12 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාමත ප්‍රංශයේ නිර්වින්දන වෛද්‍යවරයකු අත්අඩංගුවට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශකයකට...