නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලයේ මාසික ඉන්ධන වියදම ලක්ෂ 20 සිට 03ට බස්සලා!

Date:

කොළඹ LNW:නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ මාසික ඉන්ධන වියදම රු.ලක්ෂ 16ත් 20ත් අතර සීමාවේ සිට රු. ලක්ෂ 02ත් 03ත් දක්වා අඩුකර ඇතැයි වාර්තා වෙයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ මූලිකත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති රැස්වීමක දී මේ බව අනාවරණය වී ඇත.

රාජ්‍ය සම්පත් පරිහරණයේ දී කාර්යක්ෂමතාවය සහ වගකීම ඉහළ නැංවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව එම රැස්වීමේදී විශේෂ අවධානයකට ලක්ව ඇති අතර
එම රැස්වීම සදහා නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහභාගී වී තිබේ.

මේ අතර සෑම අමත්යවරයෙකුට සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට හිමිව තිබුණු රාජකාරී නිල වාහන 3 සිට 2 දක්වා අඩු කිරීමටත් මාසික ඉන්ධන දීමනාව ලීටර 1950 සිට ලීටර 900 දක්වා අඩුකිරීමටත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තීරණය කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...