ශ්‍රී ලංකාවට හොඳ ඉඩක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 24 ,(LNW)කොළඹ :

මැලේසියාවේ පැවත්වෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී සුපරි කණ්ඩායම් හය අතර වටයේදී ශ්‍රී ලංකාවට අවසාන පූර්ව වටයට ඒම සඳහා විශාල ඉඩක් නිර්මාණය වී තිබෙනවා.එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට තරග වැදීමට නියමිතව ඇත්තේ ස්කොට්ලන්තය සහ ඔස්ට්‍රේලියාව සමඟයි.ස්කොට්ලන්ත කණ්ඩායමට වඩා මෙහිදී ශ්‍රී ලංකාවට තර්ජනයක් විය හැකි කණ්ඩායම ඔස්ට්‍රේලියාව වුවත්,ශ්‍රී ලංකාව මීට පෙර අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩයේ තරගවලදී ඔස්ට්‍රේලියාව පරාජය කළ හැකි බව පෙන්වා තිබෙනවා.

කෙසේ නමුත් අවසාන කණ්ඩායම් හතර වෙත පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම මුල් තරග දෙකේදී ක්‍රියාත්මක කළ වාර්තාගත ඉණිම් දෙක සමඟ ලබා තිබෙන ශුද්ධ ලකුණු වේගය 2.677 වැදගත් වෙනවා.ඒ නිසා සහභාගිවන තරග දෙක ජයග්‍රහණය කිරීම වගේම ලබා තිබෙන ලකුණු වේගය සුරක්ෂිත වන පරිදි ක්‍රීඩා කිරීමත් වැදගත් වෙනවා.එසේම ශ්‍රී ලංකාව ලකුණු හඹා යාමේ අවස්ථාවන් හී දී අනවශ්‍යය පීඩනයකට හසුව කටයුතු කරන බව ඉන්දිය තරගයේදී දැක ගන්නට ලැබුණු අතර ඒ තත්ත්වය ගැන වෙනම සැළසුමක් සකස් කිරීමට අවශ්‍යය වෙනවා.

මේ වන විට ලකුණු අතර සිටින සැහැමි සෙනෙත්මා,සංජනා කාවින්දි,මනුදි නානායක්කාර මෙන්ම ඉන්දිය කණ්ඩායමට එරෙහිව යම් තරමකට සාර්ථක වූ රශ්මිකා සෙව්වන්දිට පිතකාරිණියන් වශයෙන් මේ තරගවලදි කල්පනාකාරීව වැඩි ලකුණු ප්‍රමාණයක් කරා යන්නට මාවත සකස් කරන්නට සිඳු වෙනවා.එසේම ශෂිනි ගිම්හානි පන්දු යැවීමේදී මීට වඩා වැදගත් මැදිහත්වීමක් කළ යුතුව තිබෙනවා.මේ වන විටත් චමුදි පන්දු යවන්නියන් අතර විශාල අවධානයකට ලක්ව සිටින අතර සෙසු පන්දු යවන්නියන් වන ප්‍රමුදි මෙත්සරා,අසෙනි තලගුණේ සහ ලිමන්සා තිලකරත්නත් කඩුලු අතර සිටිනවා.

දැනට ක්‍රීඩා කරන කණ්ඩායමට හිරුනි හංසිකා වෙනුවට විමොක්ෂා බාලසූරිය පසුපෙළට කැඳවා භාවිතයට ගැනීම හෝ රශ්මි නේත්‍රාංජලී පන්දු යැවීමේ හැකියාවද සළකා කැඳවීම වටිනාකමක් එක් කළ හැකියි.හිරුනි අදක්ෂ නොවුණ ද,පවතින තත්ත්වය අනුව සංයුතිය වඩාත් කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගැනීම වැදගත් වෙන බැවින් විමොක්ෂා හෝ නේත්‍රාංජලී ගැන සිතීමෙන් වැඩි යහපතක් වෙනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපදාවටපත් කර්මාන්තකරුවන් 531 කට රුපියල් මිලියන 106 ක්‌!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ''දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ...

”ෆාදර්” විනිශ්චය අවි-නිශ්චිතය. ජනවාරි 09 සිට දිවයින පුරා සිනමා ශාලාවලදී!

කොළඹ LNW:එළඹෙන වසරේ තිරගත වීමට නියමිත ෆාදර් චිත්‍රපටයේ මාධ්‍ය...

අල්ලස් නීතිය ශක්තිමත් වන්නේ ඩිජිටල්කරණය වූ ගෙවීම් සමඟද?

2023 අංක 9 දරණ ශ්‍රී ලංකාවේ අල්ලස් හා දූෂණ...

කොළඹ නගර සභාවට මොකද වුණේ ? කැබිනට් ප්‍රකාශක දුන් පිළිතුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : අද (23)දින පැවැත්වූ...