දුවන්න පනින්න සහ වීසි කරන්න හොන්ඩා

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 24 ,(LNW)කොළඹ :

ලෝක මලල ක්‍රීඩා සංගමය මඟින් මෙහෙයවන ජාත්‍යන්තර ඉසව්වලදී නිල ප්‍රවාහන සහකරු ලෙස හොන්ඩා විද්‍යුත් වාහන එකතුවීමට නියමිතව ඇත.එසේම මාර්ග ධාවන තරගවලදී සහ වෙනත් මාර්ග ඉසව්වලදී ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රවාහනයට සහ විනිසුරුවන් ඇතුළු නිලධාරීන් ප්‍රවාහවයට ද හොන්ඩා යොදා ගැනීමට නියමිතය.

පසුගිය වසර කිහිපය තුළ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය වෙළද ආයතන සමඟ ඇති කර ගත් අනුග්‍රහ ගිවිසුම් සමඟ ආදායම් තත්ත්වය සියයට 25 න් පමණ ඉහළ ගොස් ඇති අතර මේ හොන්ඩා සත්කාරකත්වය ද ඒ ආකාරයට ගොඩ නැඟුණු අනුග්‍රාහක ගිවිසුමක් මත සිඳු වෙමින් ඇත.

හොන්ඩා මෝටර් සමාගම (හොන්ඩා) සමඟ ඇති කරගත් අනුග්‍රාහක ගිවිසුමේ කොටසක් ලෙස, ලෝක මලල ක්‍රීඩා අද (23) නව විදුලි SUV රථයක් වන හොන්ඩා e:Ny1 හඳුන්වා දීමේ දි එහි ආකෘතියක යතුරක් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ සභාපති සෙබස්තියන් කෝ වෙත භාර දීම සිඳු විය.
හොන්ඩා මෝටර් යුරෝපයේ සභාපතිගේ සහකාර කොටාරෝ ඉෂි සහ හොන්ඩා ප්‍රංශයේ අලෙවිකරණ අධ්‍යක්ෂ පෝල් කොලිග්නන් මෙම භාරදීම සඳහා සහභාගී වූහ.එම අවස්ථාවේදී සෙබස්තියන් කෝ රම ආකෘතියේ යතුර භාරගත් අවස්ථාවට අදාළ ඡායාරූපයක් මේ සමඟ දක්වා ඇත.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...