පොහොර සහනාධාරයත් අරන් බුලත් විටටත් ගණන් හදනවා. එතකොට ගොවියාගෙ පැත්තෙන් මොකුත් දායකත්වයක් නෑනෙ – ඇමති නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වී සඳහා නිෂ්පාදන වියදම ගණනය කිරීමේදී ගොවීන්ගේ පැත්තෙන් ඉදිරිපත් වන ඉල්ලීම් සාධාරණ නොවන බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“දැන් මේ ගොවියා ගෙදර හිටියත් බුලත් විට කන්නැද්ද ? තේ බොන්නැද්ද ? ඒ වගේ සිල්ලර වියදමුත් මේකට එකතු කරලා තියෙනවා. ඒක වැරදියි. ගොවියාගෙ පැත්තෙන් මේකට දක්වන දායකත්වය මොකක්ද එතකොට ? එයාගෙ මොකක්වත් දායකත්වයක් නෑනෙ. එයාගෙ බුලත් විටටත් ගණන් හදලා, තේ බොන හකුරු කෑල්ලටත් ගණන් හදලා … දැන් අපි මේක ගණන් බලලා තියෙන්නෙ පොහොර සහනාධාරය ගොවියාට නොලැබුණා සේ සලකලා පොහොර සම්පූර්ණයෙන් ගොවියා සල්ලිවලටම ගත්තා සේ සලකලා නිෂ්පාදන පිරිවැය හදන්න කියලා තමා රජය උපදෙස් දුන්නෙ. එතකොට මේ විදි දෙකටම නිෂ්පාදන පිරිවැය හදලා තියෙනවා, පොහොර සහනාධාරය ඇතිව – පොහොර සහනාධාරය නැතිව. පොහොර සහනාධාරය ඇතිව හදන එකට වඩා නැතිව හදන එකේ නිෂ්පාදන පිරිවැය ටිකක් වැඩියි”

ප්‍රශ්නය – රුපියල් 100 ට උඩින්ද තියෙන්නෙ ?

“…. (සිනාසෙයි) කොහොමත් ඒකෙ නිෂ්පාදන පිරිවැය හදලා තියෙනවා”

“මේකෙදි 30%ක් නිෂ්පාදන පිරිවැයට අපි මුදලක් ගොවියාට එකතු කරනවා. රතු නාඩු වගාකරන ගොවියාට මේකෙ ටිකක් වැඩි චාන්ස් එක්කුත් එනවා. මොකද රතු නාඩුවල අස්වැන්න වැඩියි. හැබැයි ඒකට අපි සමතැනකට එන තීරණයේ තමයි ඉන්නෙ. කොහොමත් ඉතිහාසයේ පළවෙනි වතාවට ගොවියාට තමන්ගෙ නිෂ්පාදන පිරිවැය මහන්සිය ඇරියාට පස්සෙ සතුටු වෙන්න පුළුවන් ලාබදායී පරිසරයක් තියලා වීවල මිලක් අපි නියම කරනවා. ගොවියාට මේකෙ කිසිම අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නෙ නෑ. හැබැයි එහෙමෙයි කියලා මේකෙ ගොවියාගෙ පැත්තෙන් කියලා කල්පනා කරලා අසීමාන්තික තැනකට යන්න බෑ. මොකද එහෙම ගියොත් හාල් පාරිභෝගිකයාගෙ පැත්තෙන් ආයෙ ප්‍රශ්නයක් එනවා. හැබැයි අපි එකක් කරනවා, අපි ගන්න වී ඇටයක්වත් අපි විකුණන්නෙ නෑ. අපි වගකීමෙන් කියනවා මේ වී ඔක්කොම අපි ගබඩා කරනවා, ආරක්ෂා කරනවා, අපි මේ වී හාල් කරනවා. අනිවාර්යයෙන්ම අපි පෙන්වනවා, පවතින තත්වය යටතේ හාලුත් අපි අඩු මිලට විකුණනවා”

නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සංවාදයකට එක්වෙමිනි.

පාර්ලිමේන්තුවට පත්වීමට පෙර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කළේ ද නාමල් කරුණාරත්න මහතා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...