ව්‍යාජ තොරතුරු පවසා කාන්තාවන් රැවටූ අයෙකුට බරපතළ වැඩසහිත වසර 15ක සිර දඬුවම්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ (LNW):

ව්‍යාජ තොරතුරු පවසා , රැකියා ලබා දෙන බව පවසා ඉන්දුනීසියාවේ සිට තරුණියන් තුන්දෙනෙකු ගෙන්වාගෙන, වෛශ්‍ය වෘත්තීයේ යෙදවීමේ චෝදනාවකට වරදකරු කෙරුණු සම්බාහන ආයතනයක හිමිකරුවකුට අද (24)දින බරපතළ වැඩසහිත වසර 15ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය, එම දඬුවම වසර 05 කින් ගෙවී යා යුතු බවට නියෝග කළ බව වාර්තා වේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් දීර්ඝ නඩු විභාගයකින් පසුව මෙම තීන්දුව ලබා දුන්නේය. ඊට අමතරව අගතියට පත් තරුණියන් තිදෙනාට රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් වන්දි ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, එම වන්දි ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසරක ලිහිල් සිරදඬුවම් නියම කරන බවත් නියෝග කළ බව පැවසේ.

2021 වසරේ වලාන දූෂණ මර්දන ඒකකය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔහුට එරෙහිව චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.  දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ  මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බවය. විත්තිකරුට ලිහිල් දඬුවම් නියම කරන ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට ඇති නමුත්, මෙම විත්තිකරු සිදුකර තිබෙන්නේ රට අපකීර්තියට පත් කරන බරපතළ වරදක් බව පෙන්වා දුන් විනිසුරුවරයා මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් පවසා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...