කොළඹ LNW:දිට්වා ආපදාව සලකා ණය ගෙවීම අත්හිටුවන ලෙස බලකරමින් පෙරටුගාමී සමජවාදී පක්ෂය විසින් ඊයේ (23) කොළඹ කොටුව දුමරිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විය.
පවතින ආර්ථිකමය තත්ත්වය මත වාසි සහගත ණය කප්පාදුවකට යන ලෙසයි එහිදී බලකෙරුණේ.
බදු බර ඉවත්කරන ලෙසද එහිදී බලකෙරුණි.
මේ අතර ආපදාව සලකා බලා ලීසිං සහනයද වසරක කාලයක් ලබා දෙන ලෙසද එහි ඉල්ලීම් අතර විය.
මෙම විරෝධතාව සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභ්කයින් ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරියින් එක්ව සිටියහ.















