දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී බහුදින යාත්‍රා දෙකක් සමඟ සැකකරුවන් 11ක් නාවික හමුදා භාරයට ගනී!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සක සහිත බහුදින යාත්‍රා දෙකක් සහ සැකකරුවන් 11ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොලීසියෙන් ලද තොරතුරකට අනුව නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, දිගුදුර නෞකා යොදාගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර තවදුරටත් එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ නාවික මෙහෙයුම්වල ප්‍රතිපලයක් ලෙස, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) සහ සන්නිවේදන උපකරණ එහිදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

එම බහුදින ධීවර යාත්‍රා දෙක, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව දැනුම් දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ…

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : යාපනය ජාත්‍යන්තර වෙළඳ...

Air France, KLM ඩුබායි, ඊශ්‍රායලය ඇතුළු මැද පෙරදිගට ගුවන් ගමන් නවතා දමයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග කලාපයේ...