WHO IS LASANTHA ගෝඨා ඇසූ හුදෙකලා ප්‍රශ්නයක් නොවේය.ඒ නිසාම සනත්ගේ අකුරු කියවිය යුතුමය.

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW:

WHO IS LASANTHA ජනතාව අතර බොහෝ ප්‍රසිද්ධ මේ වචන පෙළ ලාංකේය දේශපාලනයේ එක් අතකින් කුරිරුබවත්,උද්ධච්ඡකමත්,මුග්ධබවත් පෙන්වන සංකේතය.එහෙත් මේවා රුවන් වැකි සේ ඇඳහූ සහ විශ්වාස කළෝද උන්හ.වචනවලට අදාළ පුද්ගලයා මහත් ඉහළින් රටේ ජනපති කරන්නට පොර බැඳපු ව්‍යාපාරයේ වැඩ කළහ.අද ඒ ව්‍යාපාරය තුළ සිටම සරල උදාහරණයකට ගතහොත් ප්‍රතිවාදීන්ට වචනයක් තබන්න ඉඩ නොදී සිත් ලූලූ අත දුවන්නට පහර දුන් ආකාරයෙන්ම ඒ පිරිස වත්මන් ජනපතිගේගේ ආසන්නයටවත් සමීප වන්නටවත් නොදී කඩුව ගෙන වනමින් සිටිති.ඔවුන් ඒ සඳහා දරන උත්සාහයන් වරෙක හිංසාකාරී වාචික ප්‍රහාරයන්ය.අකුරුමය වාක්‍යමය ශෛලිය ගත්තද නිර්ලජ්ජිත උඩඟුකම ගැවූනු සහ පිරුණු ඒවාය.


එවැනි මොහොක WHO IS LASANTHA යන දේශපාලන ව්‍යසනයේ ගොඳුරු බවට පත්වෙමින් කායිකවද මානසිකවද පීඩාවට පත්ව විප්‍රවාසීව තමන්ගේ ජීවිතයේ සමීපකම් මව්බිමින් උගුල්ලා වීසි කරන්නට කටයුතු කළ එම සංස්කෘතික දේශපාලනයේ තිබුණු අපරාධකාරී තිත්ත අකුරුවලට ගන්නට සනත් බාලසූරිය උත්සාහ කරමින් සිටින්නේය.රාජපක්ෂ පවුලේ පිළිවෙලට එක දෙක තුන ලෙස මේ රටේ පුරවැසි ප්‍රභූත්වයේ මුදුන සැකසී තිබුණු දේශපාලන ව්‍යහුයක ඉහළ ස්පර්ශ කළ ගෝඨාභය රාජපක්ෂ මරා දැමුණු පශස්ත මාධ්‍යෙව්දී ලසන්ත වික්‍රමතුංග ගැන ඇසූ පැනය WHO IS LASANTHA නම් වේ.


සනත් එකළ මේ බිමේ ජීවිතය දෙවැනි කොට ඒ මජර දේශපාලනයට විරුද්ධව සටන් කළ මාධ්‍ය සංවිධාන ප්‍රබලයෙකු විය.මහින්දවාදීව සුඛෝපභෝගී සැප සම්පත් අනුභව කරමින් ජීවත්වීම සඳහා ඔවුන්ට එසේ වරදාන වරප්‍රසාද ලබමින් නිහඬ වූ මාධ්‍ය හිතවතුන්ට වඩා බොහෝ පහසුවෙන් ඊට ළඟා වීමට ප්‍රවේශ මාර්ගවල ප්‍රබල දැන හැඳුණුම්කම් තිබිණ.එහෙත් ඒවා වෙනුවට මාරයා සමඟ සටන් කිරීමේ මාර්ගය තෝරාගත් සනත් අවසාන වරට තමන් ජීවිතය දෙවැනි කොට සටන් කළ රටෙන් විප්‍රවාසීව ජීවිතය රැකගෙන සිටීමේ දුෂ්කර තීරණයට එළැඹිණ.
එහෙත් ඔවුන් දුර සිට ද ළඟ සිට පෙනෙන පිරිසට වඩා හොඳින් අනතුරු හැඳිණගෙන මේ පොළවට හුස්ම පිඹින වැඩේ නොනවත්වා කරගෙන ගියේය. WHO IS LASANTHA නම් ඔහුගේ කෘතියද ඒ වචන සමඟ ඈදෙන දේශපාලන සංස්කෘතියේ අපරාධමය සළකුණු තාර්කිකව සහ නිවැරදිව මතු කරන්නට ගන්නා උත්සාහයක් වනු ඇත.


WHO IS LASANTHA කාතිය ජනගත කෙරෙන්නේ ජනවාරි 27 වන දා පස්වරු 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ය.එහිදී මේ කෘතිය ගැන අදහස් දැක්වීම කරනු ලබන්නේ ආචාර්ය දීපිකා උඩගම,සාහිත්‍යවේදි ගාමිණි වියන්ගෙඩ,මාධ්‍යවේදී අමිර්තනායගම් තීක්ෂන් සහ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ ය.
රාජ්‍ය දේශපාලනය යන්න නැතිනම් ආණ්ඩු බලයෙන් එය රිසි සේ හසුරුවන්නට පාදා ගන්නා ඉඩ යනු පුද්ගල හිතකර ක්‍රියාවලියක් නොවන්නේය.ඒ සඳහා විවිධ මහජන සහයන් අනෙකුත් දේශපාලනය කෙරෙහි ඇති නොපැහැදීම භාවිතා කර ලබා ගැනීමට ආණ්ඩු කටයුතු කළ ආකාරයද ඉතිහාසය විසින් අපට පෙන්වා දී ඇත.ඒවායේ බිය,වේදනාව සහ සංවේගය ද විඳ ඇත.


අද වුව ද විප්‍රවාසීව සිටින මාධ්‍ය සඟයන් සහෘදයන්ගේ හඬ ඉද හිට හෝ මාර්ගගත සංනිවේදන මාර්ගයෙන් කණට ඇතුළ්වෙන මොහොතවල්වලදී,ආශ්වාස,ප්‍රාශ්වාස කළ දුරින් බෙදා ගත් රස මතක ඇති කරන බර,වේදනාව සුළු නැත.එවැනි පරිසරයක් නැවතත් කිසිඳු ආණ්ඩුවකට අත් කර දීමේ භයානකකම සනත්ගේ WHO IS LASANTHA හරහා කියවා ගන්නට අපට ලැබෙනු ඇත.නීතියද,මූල්‍ය විනයද,අදහස් ප්‍රකාශ කිරිමේ අයිතියද අහිමි කරමින් ඒවා ජනතාවගේ කර ගැනීමේ උවමනාව සහ ආණ්ඩුවලට එම පද්ධතිවල හැසිරීම තමන්ට අවශ්‍යය විදිහට මෙහෙයවා ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ඇති උවමනාව පෙන්වා මේ රටේ සාමාන්‍ය ජනතාව මෙන්ම සිවිල් බලයක් ඇති බොහෝ අයද මෙහෙයවා පවරා ගත් බලය විසින් අසන ලද ප්‍රශ්නයක් මිස WHO IS LASANTHA යනු අහම්බයක් සේ ගෝඨාගේ මුවින් පිටවුණ වචන නොවන බව සිහි බුද්ධියෙන් තේරුම් ගැනීම වැදගත්ය.ඒ නිසා ඊට අවශ්‍යය පසුබිම වෙනුවෙන් WHO IS LASANTHA ඔබ නියවිය යුතුමය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 ශ්‍රී ලංකා ආයෝජක සමුළුව සාර්ථකව ඩුබායිහිදී..

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : කොළඹ කොටස් හුවමාරුව...

යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ…

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : යාපනය ජාත්‍යන්තර වෙළඳ...

Air France, KLM ඩුබායි, ඊශ්‍රායලය ඇතුළු මැද පෙරදිගට ගුවන් ගමන් නවතා දමයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග කලාපයේ...