රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:”දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ දේශපාලනය. වෘත්තීය සමිතියක් වශයෙන් ඔබ කරන්නේත් දේශපාලනය. රෝගීන් අත හැර එන්න. දේශපාලන පිටියේදී හමුවී ගනුදෙනුව බේරාගමු” යැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා පවසයි.

වසර 100කට වඩා පැරණි පරිණත වෘත්තිය සමිතියක් වශයෙන් රෝගීන් අසීරුතාවට පත් නොකර සාකච්ඡා කර මෙම ගැටලුව විසදා ගැනීම වඩා උචිත යැයි ඒ මහතා අද (24) සඳහන් කරන ලද්දේ වත්තේගම, මීගම්මනවත්තේදී ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන 42ක් මහජන අයිතියට පත් කිරීම නිමිත්තෙන් අද පැවැති වැඩසටහන් මාලාවට සමගාමීව මහනුවර දිස්ත්‍රික් වැඩසටහන මීගම්මන වත්තේ දී පැවැත්විණි.

වසර තුනක කාලයක් තුළදී මෙවැනි මධ්‍යස්ථාන 2000ක් දීප ව්‍යාප්තව ස්ථාපිත කරන අතර මේ වන විට එවැනි මධ්‍යස්ථාන 45ක් ජනතා අයිතියට පත් කොට තිබේ. මෙම වසර තුලදී සුවතා මධ්‍යස්ථාන 250ක් ස්ථාපිත කොට ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යස්ථාව සකස් නොකරන්න සහ සිය ආර්ථික ගැටලු විසදා දෙන්න යැයි කියමින් රජයේ වෛද්‍යවරුන් සංකේත වර්ජනයක නිරත වන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා, සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රෝගීන් පීඩාවට පත් කිරීම අනුමත කළ නොහැකි යැයි කීවේය.

සේවා ව්‍යවස්ථාව පරිපාලනමය කාර්යයක් වන බව කී ඒ මහතා වසර ගණනාවක සිට විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටින කාරණයක් සඳහා මුල පිරීමක් පමණක් සිදු කළ බව පැවසුවේය. එහිදී මෙම ගැටලුව රෝගීන්ට හෝ රජයට හෝ විසදිය නොහැකි යැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙය සෞඛ්‍ය පරිපාලනය විසින් සිදු කරන ලද්දක් වන බව කීවේය.

වැටප් ඉහළ නැංවීම සිදුකළ යුතු යැයි කරන ඉල්ලීමේදී රජයේ සේවක වැටප් ඉහළ නැංවීම සමස්ථ රාජ්‍ය සේවයට සිදුවූ බවත් ඊට සමගාමීව වෛද්‍යවරුන්ගේ වැටුප ද සැලකිය යුතු අයුරින් ඉහළ නැංවූ බව කීවේය. ආපදාවෙන් රට මුදා ගැනීම සඳහා රජය විශාල කාර්යයභාරයක් ඉටු කරන අවස්ථාක මෙවැනි ඉල්ලීම් ඉල්ලා සිටීම සාධාරණ නොවන බවත් මහ බැංකුවේ සියලු මුදල් ලබා දුන්න ද වර්ජකයන්ට එය ප්‍රමාණවත් නොවන බව ද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි මහතා තව දුරටත් කීවේය.

පාතදුම්බර ප්‍රාදේශීය සභා සභාපති නිමල් හේරත්, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් අධිකාරී, නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අර්ජන තිලකරත්න යන මහත්වරුන් ඇතුලුව මහජන නියෝජිතයන් හා නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

 ශ්‍රී ලංකා ආයෝජක සමුළුව සාර්ථකව ඩුබායිහිදී..

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : කොළඹ කොටස් හුවමාරුව...

යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ…

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : යාපනය ජාත්‍යන්තර වෙළඳ...