සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ ඩෙරා ඉස්මයිල් ඛාන් දිස්ත්‍රික්කයේ ඊයේ(23)දිනයේදී පැවති විවාහ මංගල්‍යයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හත් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
පාකිස්තාන හමුදාව ඇෆ්ගනිස්ථාන දේශසීමාව අසල ප්‍රදේශවල සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව සටන් කිරීමට සූදානම් වන අතරතුර මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර තිබේ.
බෝම්බ ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති අතර මෑත වසරවලදී රට තුළ බොහෝ ප්‍රහාර එල්ල කර ඇති පාකිස්තාන තලේබාන් සංවිධානය, ටෙහ්රීක්-ඊ-තලේබාන් පකිස්තානය (TTP) මෙම ප්‍රහාරය දියත් කරන්නට ඇතැයි එරට රජය විශ්වාස කරයි.
2021 දී එක්සත් ජනපද සහ නේටෝ හමුදා වසර 20 ක යුද්ධයකින් පසු රට හැර ගිය විට, ඇෆ්ගන් තලේබාන් සංවිධානය අසල්වැසි ඇෆ්ගනිස්ථානයේ නැවත බලයට පත්වීමෙන් පසු පාකිස්තාන තලේබාන් සංවිධානයහෙවත් ටෙහ්රීක්-ඊ-තලේබාන් පකිස්තානය (TTP)සන්නද්ධ කණ්ඩායමක් වශයෙන් ඉදිරියට විත් තිබේ.

