*
Friday, April 26, 2024
spot_img

Latest Posts

දරුවන්ගේ අනාගතය අඳුරේ හෙළන විදුලි කප්පාදුව නවතනු ! – විපක්ෂ නායක සජිත්ගෙන් නිවේදනයක්

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේදීත් රජය විසින් ක්‍රියාත්මක කරන විදුලි කප්පාදුවට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවේදනය නිකුත් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


අපොස උසස් පෙළ විභාගය ආරම්භ දිනයේ පවා විදුලි කප්පාදුවක් කරන්නට ආණ්ඩුව තීන්දුකොට තිබේ.

මේ තරම් අන්තනෝමතික සහ අකාරුණික තීන්දුවක් ආණ්ඩුව විසින් ගැනීම විමතියට කරුණක් නොවන්නේ ආණ්ඩුවේ ස්වභාවය පිළිබඳව අපට අවබෝධයක් ඇති හෙයිනි. අඛණ්ඩ විදුලිය ලබාදීමට නම් විදුලි බිල වැඩිකළ යුතු බව ඇමැතිවරයා ප්‍රකාශ කළත්, එය නිදහසට කරුණක් නොවන අතර රටේ ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසකගේ අනාගතය පිළිබඳව තීන්දුවක් ගනු ලබන තීරණාත්මක උසස් පෙළ විභාගයේදී වත් විදුලිය ලබාදීමට නොහැකි නම් ඒ ආණ්ඩුව මොනතරම් ජනතා විරෝධීද යන්න සිතාගත හැකිය.

මෙවර අපොස උසස් පෙළ විභාගයට දරුවන් පෙනී සිටින්නෙ අන් කවරදාටත් වඩා දහසක් අභියෝග මැද බව නොරහසකි. ඔවුන්ගේ අනාගතය මෙන්ම රටේ අනාගතයද අභියෝගාත්මක තත්වයකට මුහුණ පා සිටියදී මේ දරුවන් විභාගයට පෙනී සිටි. එක් අතකින් රට ආර්ථික වශයෙන් බලවත් බංකොලොත්භාවයට පත්ව ඇති අතර,අනෙක් අතින් මේ දරුවන්ගේ අධ්‍යන කටයුතු වලට ද සුවිශාල අභියෝග එල්ල වී තිබේ.

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වන වගන්තිය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය (බෙදාහැරීම බලපත්‍රලාභියා) 2022 වර්ෂය සඳහා සියයට 82 ක ගාස්තු ඉහළ දැමීමක් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලීය. ඉන් නොනැවතී අවස්ථා කිහිපයකදීම අතිවිශාල ලෙස විදුලි බිල ඉහළ නංවනු ලැබීය. දහසකුත් ජීවන දුෂ්කරතා මැද, සිය පණ නළ යන්තම් අල්ලාගෙන සිටින රටේ ජනතාවගේ හුස්ම පොද ගිලිහී යාමට නොදී, සහනදායි ක්‍රමවේදයක් සකස් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු වුවත්, ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු කිසිදු වුවමනාවක් නැත.

බලශක්තිය විකුණා දැමීම උදෙසා වූ සිය සැගවුනු න්‍යාය පත්‍රය ප්‍රකාරව ආණ්ඩුවේ කුඨ නාටකය කරළියට එමින් තිබෙන බව මෙයින් නැවත නැවත ඔප්පු වන අතර උසස් පෙළ විභාගය අතරේ පවා විදුලිය විසන්ධි කිරීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ එය විය හැක. යන්තම් වේල පිරිමසාගෙන ජීවන අර්බුදයක කරවටක් ගිලී සිටින ජනතාවගේ හිස මත විදුලි ගාස්තුව වැඩිවීමද සිදුකොට ඇති අතර උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ගේ අනාගතය අඳුරේ හෙළමින් විභාගය දිනවල පවා විදුලිය කැපීමට තීන්දු කිරීම තුලින් රටේ අනාගතයම අඳුරේ හෙළමින් තීන්දුව ගෙන තිබේ.

එබැවින් අපි ආණ්ඩුවට බලකර සිටින්නේ මේ ලජ්ජා සහගත තීන්දුව වහාම හකුලාගෙන අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන ලෙසය. එය එසේ නොවන්නේනම් ඊට එරෙහිව නැගෙන ජනතා ශාපයෙන් ආණ්ඩුවට ගැලවිය නොහැකි බව අවධාරණය කරමු.

සජිත් ප්‍රේමදාස,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ
සමගි ජන බලවේගයේ නායක.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan