*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 01/24

01. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට නම් මැතිවරණ කොමිසමට එම කොමිසමේ ගොඩනැඟිල්ල, පුටු සහ මේස විකුණා ලැබෙන මුදල යෙදවීමට සිදුවනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි – මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැතිබව පවසමින් භාණ්ඩාගාර ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණයට දිව්රුම් පෙත්සමක් ලබා දෙයි – මැතිවරණයට අවශ්‍ය ඉන්ධන සැපයීමට තමා සතුව අරමුදල් නොමැති බව තෙල් සංස්ථාව පවසයි – මැතිවරණයට අවශ්‍ය නිලධාරීන්ගේ අඩුවක් පවතින බව පොලිස්පතිවරයා ද පවසයි.

02. ගෝලීය වෙළඳපොල මිල අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ලබන පෙබරවාරියේ සිට කි.ග්‍රෑ 12.5 කට රු. 500 බැගින් ඉහළ යා හැකි බවට පුරෝකථනය කරයි.

03. මෙම වසරේ ජනවාරි මස රජයේ වියදම් රු. බිලියන 625 වී ආදායම රු. බිලියන 145 ක් පමණක් වීම මත රජය අර්බුදයකට මුහුණ පා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි – තවදුරටත් රජයට මුදල් මුද්‍රණය කිරීමේ හැකියාවක් නොමැති බවත්, ණය ලබා දීමට ද කිසිවකු නොසිටින බවත් පවසයි – භාණ්ඩාගාර බිල්පත් අන්තරාදායක ලෙස ගොඩ ගැසීම මත රජය බංකොලොත්භාවයට පත්වීමේ සේයාවක සිටින බවට ඇතැම් ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.

04. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ශීර්ෂ උද්ධමනය (Headline Inflation) 2022 නොවැම්බර් මස තිබූ සියයට 65 ට සාපේක්ෂව 2022 දෙසැම්බර් මස සියයට 59.2 දක්වා පහත වැටී ඇත – ආහාර උද්ධමනය 2022 නොවැම්බර් මස තිබූ සියයට 69.8 ට සාපේක්ෂව 2022 දෙසැම්බර් මස සියයට 59.3 දක්වා පහත වැටී ඇත.

05. දුගී පුද්ගලයන්ට සහන සැලසීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ අත්‍යාවශ්‍ය සාධකයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම පරිදි මූල්‍ය සහතික ලබා දීම වෙනුවෙන් ණයහිමියන්ට සිය කෘතඥතාව පළ කරයි.

06. ශ්‍රී ලංකාවේ කුරුලු විශේෂ 81 ක් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති අතර, විශේෂ 19 ක් අතිශය අන්තරාදායක තත්ත්වයට මුහුණ පා ඇති බවත්, විශේෂ 48 ක් අන්තරාදායක තත්ත්වයට පත්ව ඇති බවත් ජෛවවිවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ආර්.එච්.එම්.පී. අබේකෝන් පවසයි – කුරුලු විශේෂ 32 ක් වඳවී යාමේ සේයාවේ සිටින බව ද අනාවරණය කරයි.

07. ප්‍රධාන රජය සතු ව්‍යාපාර (SOE) 05 ක රජය සතු කොටස් ඉවත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් පිළියෙල වෙමින් තිබෙන බව රජයේ ආරංචිමාර්ග පවසයි – මෙම ව්‍යාපාර 05 වන්නේ, ශ්‍රීලංකන් ගුවන් සමාගම, ටෙලිකොම්, හිල්ටන්, වෝටර්ස් එජ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ය – මෙම කොටස් ඉවත් කිරීම මඟින් ඇ.ඩො. බිලියන 1.5 – 2.0 ක මුදලක් ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් – රජයේ ‘රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීමේ අංශයේ‘ ප්‍රධානී සුරේෂ් ෂාහ් වන අතර, ඔහු බලගතු සෙල්වනාදන් පවුලට අයත් Carsons සහ Lion Brewery සමාගමේ හි හිටපු අධ්‍යක්ෂකවරයකු වන අතර, ස්වෛරී ණය පැහැර හැරීම වෙනුවෙන් තරයේ පෙනී සිටි පුද්ගලයෙකි.

08. දීර්ඝ විදුලි කප්පාදු මඟින් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගේ අධ්‍යාපනයට ඇති අයිතිය උල්ලංඝනය වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි – විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකරමින් විභාග කාලසීමාව තුළ විදුලි කප්පාදුව නතර කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දෙන මෙන් ඉල්ලා සිටියි.

09. කුකුළු මස් සහ බිත්තර කර්මාන්තය අපනයන කර්මාන්තයක් බවට පත් කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ පවසයි.

10. ජාත්‍යන්තර පාපන්දු සම්මේලන (FIFA) කවුන්සිලය 2023 ජනවාරි 21 සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan