අද තමා ආරම්භ කළේ, මුලින්ම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳගෙන – බැසිල්

ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණි බැසිල් රාජපක්ෂ මහතා තම මැතිවරණ කටයුතු සඳහා දළදා වහන්සේ වැද ආශිර්වාද ලබාගැනීම ගැනීමෙන් පසු මාධ්‍යට මෙසේ පිළිතුරු ලබාදුන්නා…

ප්‍රශ්නය – අලියා එක්ක එකතුවෙලා ද ?

“හැමතැනම නෑ. හුඟාක් තැන්වල වෙන වෙනම ඉල්ලන්නේ. අපි පළාත් පාලන ආයතන 252ක ඍජුව පොහොට්ටුව ලකුණින් තරග කරනවා. තව කිහිපයක් තියෙනවා විවිධ ලකුණුවලින්. යාපනය එහෙම වීණාවෙන්. මඩකලපුව බෝට්ටුවෙන්. අශ්වයාගෙන් තරග වදිනවා. තේ දල්ලෙන් තරග වදිනවා. ඔක්කෝම 340ක් තියෙනවා නේ.”

ප්‍රශ්නය – පොහොට්ටුව ජනප්‍රිය ලකුණක් ජනතාව අතර. ඒත් ජනතාව අතරට යන්න බැරි නිසා ද මෙහෙමෙ කරන්නේ. ?

“ගිය පාර මෙච්චර තරග කළේ නෑ. 2018 දී”

ප්‍රශ්නය – විවිධ උපක්‍රම මැතිවරණය කල්දාන්න යොදනවා කියලා කියනවා ?

“ඒක ආණ්ඩුවෙන් අහන්න… මම ආණ්ඩුවේ නෑ.. හුඟාක් අය නාමයෝජනා කල්යයි කියලත් බලාගෙන හිටියානේ.”

ප්‍රශ්නය – පක්ෂයේ බොහෝ අය ඉවත්වෙලා. ඒක අභියෝගයක් ද?

“එහෙම තමා.. ඉන්නවා යනවා. අයින් වෙනවා. ඇතුළු වෙනවා. එහෙම තමා දේශපාලනය. ඒක අභියෝගයක් තමා. ඒත් ඒවට අපි මුහුණදෙන්න එපැයි.”

ප්‍රශ්නය – මැතිවරණ ප්‍රතිඵලය කොහොම වෙයි ද?

“ජනතාව අතේ තියෙන්නේ…”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...