*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

පවුල් 7000 ට රෙඩ් කාඩ් ?

ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකා පාපන්දුවට පනවා ඇති වාරණය නිසා ඉදිරියේදී රජයට විශාල බරක් එකතුවීමේ අවදානමක් ඇත. පාපන්දු ක්‍රීඩාව හරහා විවිධ භූමිකාවන් සිඳු කරමින් ජීවිත්වීම සඳහා යම් උපකාරයක් ලද පවුල් 7000 ක පමණ ජීව තත්ත්වය කඩා වැටීමේ අවධානමක් මේ තහනම තුළින් මතු වී ඇත. එසේම පාපන්දු ක්‍රීඩා පරිපාලන වගකීම් පැවරුණු 82 ක් වූ පිරිස‍ගේ රැකියා මෙම වාරණය ඉවත් කර ගැනීමේ ක්‍රියාව ඉක්මණින් සිඳු නොකළහොත් අහිමි වීමේ අවදානමක් ඇත. මේ සියලු පවුල්වල දෛනික අවශ්‍යයතා,දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු විශාල ආර්ථික ගැටළු ගණනාවකට මුහුණ දෙන්නට එම පවුල්වලට සිඳුවනු ඇත. මෙය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් වැඩි පිරිසකගේ අවධානය යොමු නොවුණු තත්ත්වයකි. ඒ ආකාරයෙන්ම පාපන්දුවට සම්බන්ධ නිශ්චල දේපළ නඩත්තුව, ජල විදුලි ප්‍රශ්නයේ සිටම නිරන්තරයෙන් ගෙවිය යුතු බිල්පත් ගෙවීම යනා දේ ද ගැටළුවකට යනු ඇත.

වැටුප විශ්වාස කර ණය ලබා ගත් බොහෝ දෙනෙක්ට එම ණය පියවීමේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිඳුවන අතර සුළු සේවකයන්ගේ තත්ත්වය වඩාත් දරුණු වන්නට ඉඩ ඇත. එසේම නෛතික පදනම නොසළකා හරිමින් පීඩනයට ගොඳුරුව සිටින සේවක මණ්ඩලයට, නව නිලධාරි මණ්ඩලයේ කිසිවෙක් හෝ බලපෑම් කරන්නේනම් ඒවා ද එකතු වන්නේ ෆිෆා තහනම සාධාරණය කරන්නට ලැබෙන සාක්ෂි හැටියටය.

ඇත්තටම දැන් තිබෙන්නේ ගමණක ඉමට පැමිණය. රංගා – ජස්වර් ද්වන්ධ අරගලයක් මෙතැන නැත. ක්‍රීඩාවක් ජාත්‍යන්තර මට්ටමෙන් ගෙන යන්නටනම් අපිට ඕනි හැටියට ලෝකයට ඉන්න කියන්නට නොහැකිය.පාපන්දුවේ තත්ත්වයද එයය.රටවල් 212 ක් පමණ වන නියෝජනයේ සියල්ලය එක නීතියකි. එය ඉක්මවා යන්නේනම් වැඩ කරන්නට අපහසුය.

තනතුරු එපා, අපි එකතු වෙලා මෙතනින් ගොඩ එන්න හිතමු.

උමාර් ජස්වර් මේ මොහොතේදී කියන කතාව වැදගත්ය.කවුද වැරදි කියන තැන දෙපැත්තකට වී ගල් ගසා ගන්නට ඇති හැකියාවට වඩා මෙහි ෆිෆා සමඟ වන අර්බූදය කවරේද යන්න තේරුම් ගැනීම වැදගත්ය. තහනම ජස්වර් කියා පැනවූ එකක්යැයි කියන්නට කවුරුන් හෝ ඉදිරිපත් වේනම් ඒ ජස්වර් විරෝධියෙක් වන්නට නොහැකිය.ඔහු හෝ ඇය ජස්වර් පාර්ශවයේ අයෙක්ය.

ලෝකයේ ජනප්‍රියම සහ බලසම්පන්නම ක්‍රීඩාවක පරිපාලනයක් තමන්ගේ උවමනාවට හෝ වචනයට නමා ගත හැකි අයෙක් සිටීනම්….

ඒ නිසා ඇමතිවරුන්ට ඕනි හැටියට නටන්න කැමති (ජස්වර්ටත් අදාළය) මිනිස්සු ලංකාවේ හිටියාට ඊට වඩා ක්‍රීඩාවේ පරිපාලන හැඩය වෙනස් එකකි.ඇමති සර් අල්ලගෙන දිනන්න හෝ දේශපාලනඥයෙක් රැඟෙන විත් පුටුවේ ඉන්දීම කියන සංස්කෘතීන් දෙකම ලෝක ක්‍රීඩාවේ දී අදාළ වන්නේ නැත. ලංකාවේ දේශපාලනය ඇතුළේ මහා බලවත් සේ සිතා පුටිංගේ භූමිකාවේ හැඩය මේ රටේ පාලනයට ගේන්න මිනිස්සු උත්සාහ කළේ නායකයාට යටහත්,පහත්ව,තමන්ට කන්න නැතත් තමන්ගේ දේශපාලන නායකයාට යහපත් ජීවිතයක් තිබෙනවනම් ඒ ගැන සතුටු වෙන්නට හුරු වූ මානසිකත්වය ය.එය නායකයාගේ මුග්ධකම සහ නොමේරු දේශපාලන බුද්ධිය විසින් විනාශ කර නොගන්නට අදත් මිනිස්සු රැවටී වැද නමස්කාර කරමින් “අපේ පුටිං” කියමින් තමන් බඩගින්නේ හිටියත් නායකයාට බඩ පැලෙන්නට කන්න ලැබෙන එක ගැන සතුටෙන් සිටිනවා සැක නැත.

හැබැයි ඒ සෙල්ලම් ජාත‍්‍යන්තරයට අදාළ නැත.සර්ලගෙ උවමනාව එහිදී නිතිය වන්නේ නැත.ස්ර් කියන විදිහට වැඩේ වෙන්නේ ද නැත.ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සිද්ධ විය යුත්තේ ජාත්‍යන්තර හැඩයට අවශ්‍යය පරිදිය.ලෝකයේ ක්‍රීඩාවේ සිඳුවන නීතිමය වෙනස්කම් ද ඊට ඇතුළත් විය යුතු අතර “මෙහෙ ඒවා බැහැ,අපේ ඇමතිතුමා කියන විදිහක් තමයි” කියන්නට නොහැකිය.ඒ නිසා ෆිෆා සමඟ එකඟතාවයට පැමිණිය යුතුය.විශේෂයෙන් ඔවුන් හා එක වූ කරුණු පිළිපැදිය යුතුය.

ඉකුත් වසරේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ අමාත්‍යංශය එකට ඉඳ ගත්තේ ඒ එකඟතාවයන් ඇති කර ගැනීම සඳහාය.එහිදි පරස්පරතා හඳුනාගත්තේය.අනතුරුව දෙසැම්බර් 14 වන දා ක්‍රීඩා පනත සංශෝධනයේදී එම හඳුනාගත් වෙනස්කම් වෙනුවෙන් වූයේ කුමක්ද,පාපන්දුවේ ජාත්‍යන්තරයට අවශ්‍යය පරිදි වසර හතරක නිල බලයක් නිලවරණයකින් ලැබීම උපරිමය වසර දෙකක් සේ සැළකීමය. මේ ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා ෆිෆා එකට “උඹලා ලෝකේ උඹලට ඕනි විදිහට ෆුට්බෝල් ගහපං, ලංකාවෙ අපට ඕනි විදිහට ඉදපං” කියා කීමට සමානය.

ස්ර්ලට ඒ මොහොතට ක්‍රීඩාවේ මිනිස්සු වෙනස් කරන්න අවශ්‍යය විදිහට පනත සංශෝධනය කරන මොහොතේම LNW අනතුරු හැඟෙව්වේ ජාත්‍යන්තරය විසින් අපේක්ෂා කරන රටේ ක්‍රීඩා පරිපාලනයට අදාළ නිදහස, ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට අනුව පාලනය කිරීම සඳහා වන ඉඩ පුළුල් වන අයුරෙන් ගැනීම ජාත්‍යන්තර වශයෙන් ගැටළුවක් විය හැකි බවය. දැන් එහි කසකරුවා පැමිණ සිටී.සමහර විට ඉදිරියේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දක්වා මේ තහනම් කිරීම් බෝ විය හැකිය.ඇත්ත එබඳුය.අමාත්‍යවරයා දැන්වත් කේවට්ට උපදෙස්වලින් දුරස් වී ජාත්‍යන්තර ක්‍රීඩා නීතිය ගැන අමාත්‍යංශයේ නීති අංශයට අවශ්‍යය දැණුම එකතු කර ගන්නට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හරහා උපදෙස් ලබා ගැනීම වැදගත්ය. එය සඳහා නොමිළේම මාර්ගගත ආකාරයට නුදුරු දිනෙක පවත්වන මෙක්සිකෝවේ පැවත්වෙන ක්‍රීඩා නීතිය සම්බන්ධ සම්මන්ත්‍රණයට හෝ අඩු ගණනේ අමාත්‍යංශයේ නිලධාරින් සමඟ හැරුණු විට බොහෝ විට තමන්ට නීතිය ගැන කතා කරන්න හම්බවෙන අයෙක් සිටීනම් ඔහු හෝ ඇය ද ක්‍රීඩා නීතිය ගැන අදහසක් ගන්නට එම සම්මන්ත්‍රණයේ ඉන්දවීම යහපත්ය. සාමාන්‍යයෙන් භාවිතා වනන අපරාධ නීතිය සහ සිවිල් නීතිය වගේම ක්‍රීඩාවට අදාළ නීතිය සහ එය ගොඩනැඟෙන සහ වෙනස්වන ආචාර ධර්ම සහ මූල ධර්ම ද වෙනස් ය.

මෙවැනි මොහොතක ෆිෆා තහනම නිසා රටට ගලා එන කෝටි 75 ට වැඩි මුදලක් රටට අහිමි වෙමින් ඇත.එය සම්මත මුදල වුව ද,තව දුරටත් ෆිෆා සාමාජිකයෙක් හැටියට විවිධ ව්‍යාපෘති හරහා රටේ ක්‍රීඩාව ඉහළ නැංවීමට ගත හැකි ආධාර උපකාර තිබෙන අතර ද,ඉතිහාසයේ පටන් ශ්‍රි ලංකාව දුෂ්කර තත්ත්වයකට පත් වූ විට ෆිෆා විශාල විදිහට ආධාර ලබා දී ඇත. එයට සිඳු වූ දේ ගැන දේශපාලකයන්ට, නිලධාරීන්ට චෝදනා ඇති අතර ඒ චෝදනා සත්‍ය අසත්‍යයතාවය තවම හරියටම නීතිමය පරීක්ෂණයකින් විසඳි නැත.නමුත් ආධාර දීම සහ එයින් බලාපොරොත්තු ඉලක්ක සැපිරී නැති බව පමණක් ඇත්තය.

ඇත්තටම මේ තහනමට හේතුව රංගා ද, එසේත් නැතිනම් ජස්වර් ද යන ගැටළුව ගැන පාපන්දු පොළවේ ඇති උණුසුම් කතා බහ මේ තහනමේ හේතුව නොවේය. පාපන්දු පරිපාලනයට ව්‍යවස්ථාව වෙනස් විය යුතු බව දන්වා ඇත්තේ 2015 වසරටත් පෙර ද? මේ සම්බන්ධයෙන් වන ඇත්ත පළමුව සොයාගත යුතුය. එය සිඳු නොවීම වරදකි. නමුත් සිඳු නොවීම නිසා සහ සිඳු නොකිරීමට හේතු හැටියට කියන කරුණුවල හරි වැරද්ද කිරන්නට නොයා මේ මොහොතේ කළ යුත්තේ එය සිඳු කිරීමය.

ක්‍රීඩා අමාත්‍යංශය,ජස්වර්ට එරෙහි පාපන්දු විරෝධය මේ සියලු දේ ඔහු පිට ව්‍යවස්ථා සංශෝධනයට අපොහොසත්වීම වරදක් හැටියට දැම්මේය. ජස්වර් හොඳ හෝ නරක කිව නොහැකි නමුත් රැස් වූ තුනෙන් දෙකක බලයෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළේය.

දැන් ෆිෆා මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිගෙන ඇත. ඊට පසු ජස්වර් සංශෝධනය නොකරන බවට චෝදනා කළ පිරිස් සහ අමාත්‍යංශයම එය ප්‍රතික්ෂේප කරන්නේය.නමුත් සංශෝධනය ෆිෆා පිළිගන්නේය. ලංකාවේ අය පිළිනොගන්න හේතු ඇත.නමුත් වැදගත් ෆිෆා පිළිගැනීමය. වසර ගණනාවක් ඔවුන් අපේක්ෂා කළ සංශෝධනය කළ සභාපතිවරයා ජස්වර් වීම ගැන ඔවුන්ට පහන් හැඟීමක් තිබෙන්නට හැකිය.වඩාත්ම වැදගත් එහි ෆිෆා බලාපොරොත්තු වූ මට්ටමේ වෙනස්කම් තිබීම නිසා ඔවුන් එය පිළිගත් බව අප තේරුම් ගැනීමය. එසේ නොවී ජස්වර්ට අවශ්‍යය විදිහට පමණක් මේ දේ සිදු වි තිබිණිනම් එය පිළිගන්නේ නැත. සමහර විට ජස්වර් ඉතා සූක්ෂමව තමන්ගේ උවමනාවන් සහ ෆිෆා උවමනාවන් සමාන වෙන පොදු සාධකය සොයා ගත්තා විය හැකිය.

හැබැයි ඒ පොදු සාධකය නැතුව අමාත්‍යවරයාගේ දේශපාලනික අදහස් හෝ වෙනයම් පුද්ගලයන්ගේ නිලධාරි අදහස් සංශෝධනය හැටියට එකතු වුණානම් ෆිෆා එකඟවන්නේ නැත.අපි එය පිළිගත යුතු වන්නෙමු. ඒ නිසා මේ වාරණය ගැන කාලයක් තිස්සේ සිට ඇදි ඇදී ඇවිත් පිලේ නැවතී තිබුණ එකක් ගෙට පැනීමක්ය.එය ගෙට පැනීම වළක්වන්නට තිබුණ සාධකය අලුත් ව්‍යවස්ථාව දොරේ අඟුළට ගැනීමය.ක්‍රීඩා අමාත්‍යංශය ෆිෆා හා තිබූ සාකච්ඡා නොසළකා අලුත් ව්‍යවස්ථාව පසෙකින් තැබුවේය.දැන් සිඳුවූයේ ඔවුන් ඇතුළට පැනීමය.

මේ අපේ රටේ හැටිය. දේශීය හැඩේ දෙන්නට ගොස් අන්තිමට රට පඩේකට ගණන් ගන්නේ නැති තත්ත්වයකට වැටෙන්නේය. ලෝකයේ පාපන්දුවට පමණක් නොව,සෑම ක්‍රීඩාවකටම පිළිගත් හැඩයක් ඇත.එය ඔලිම්පික්වල ද එසේමය. ඊට අවනත නොවී එක එක හැඩ පාන්නට ගියොත් වන්නේ අපිට රටේ වර්ග සැතපුම් 25000 දහස ඇතුළෙ කඩ පිළේ දාං අදින මට්ටමෙන් ක්‍රීඩාවක් කරගෙන සිටින්නටය. ඒවා ද දේශපාලනයට නරක නැත.රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට එයම මැතිවරණයට පාවිච්චි කරන්නත් හැකිය. ”ෆිෆාවලට නැමුණේ නැති අපේ රොෂා” යනුවෙන් ජාතික කොඩියක් සහ බෞද්ධ කොඩියක් සමඟ පෝස්ටරයක් නිර්මාණය කරන්නට ද පුළුවන්ය.මේ රටේ පුරවැසියන් තනා ඇති දේශපාලන නායකත්වය එබඳුය. නමුත් පාපන්දුවලට එසේ කිරිමෙන් ජස්වර්,රංගා හෝ වෙනයම් පරිපාලන හැප්පිලේ සිටින අයෙක්ටවත් ක්‍රීඩා අමාත්‍යංශයේ සිටින අයෙක්ටවත් ක්‍රීඩා අමාත්‍යවරයාටවත් සිඳුවන දෙයක් නැත.පාපන්දුව හරහා යැපීම් ලබන පවුල් 7000 ට එය ගැටළුවක්ය. එයට ආයතනික බැදීමක් ඇතිව සම්බන්ධ වී වැටුප් ලබන 82 ක් ට ද එය ප්‍රශ්නයක්ය. ඒ නිසා ඒ අය ජීවත්වෙන්නනම් රටේ පාපන්දුව ලෝකයේ පාපන්දුව පෙරළෙන ආකාරයට පෙරළිය යුතුය.

මේ ගැන කල්පනා කර වහාම ෆිෆා සමග එකඟතාවයකට පැමිණ නැවත නිලවරණය පැවත්වීම වඩා යහපත්ය.එසේම ඒ සඳහා අලුත් ව්‍යවස්තාව යොදා ගැනීම මෙන්ම ඉන් අනතුරුව එහි වෙනස් විය යුතු තැන් නිවැරදි කර ගැනීමට ෆිෆා හා එකඟතාවයක් ඇති කර ගැනීම වැදගත්ය.ඉන් මෙපිට ගැලවීමක් නැත. වහාම ෆිෆා සමඟ සාකච්ඡාවකට ගොස් බේරුම්කරණ මණ්ඩලයක් (ෆිෆා අනුමැතිය ඇති) පත් කරගෙන නව ව්‍යවස්ථාව යටතේ නිලවරණයකට යන්න. ලෝකෙ පවතින සම්ප්‍රදායන් සමඟ එකඟ වෙන්න. අපිට ලෝකය නැටවිය හැකියැයි සිතන මිත්‍යාවෙන් ඉවත් වෙන්න.පවුල් 7000 ට රෙඩ් කාඩ් පෙන්නා ඇත.ඔවුන් යළි පාපන්දුවට ගෙන ඒමට පාපන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා උද්ධච්ඡකමෙන් පහළට බැස අමාත්‍යංශය,සංවර්ධන දෙපාර්තමේන්තුව මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා දෆිෆා ඉදිරියේ හිටගන්න.

නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan