දේශපාලන ඇඟිලිගැසීම් හේතුවෙන් පාපන්දු ක්‍රීඩාවට ජාත්‍යන්තර තහනමක් වැටුණා – ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්

Date:

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ජාත්‍යන්තර ක්‍රීඩාවලට දේශපාලන ඇඟිලිගැසීම් හේතුවෙන් පාපන්දු ක්‍රීඩාවට ජාත්‍යන්තර තහනමක් වැටුණු බවයි.

ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම් වලට ජාත්‍යන්තරව ලක්වන කෙනෙහෙලිකම් වලින් ඔවුන් බේරා ගැනීමට තමා උත්සාහ කළ ද ඒ සෑම උත්සාහයක්ම අසාර්ථක වූ බව ලේකම්වරයා සඳහන් කළේය. ක්‍රීඩාව පිළිබඳව අල්ප දැනුමක් හෝ නොමැති පාර්ශ්ව නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කණ්ඩායම්වලින් ජාත්‍යන්තර පිළිගැනීමේ තත්ත්වය ගිලිහී ගිය බව ද අමල් හර්ෂ මහතා පැවසීය.

පාපන්දු, රගර් සහ ක්‍රිකට් ක්‍රීඩාවට විවිධ ප්‍රශ්න ඇති වුණේ දේශපාලන ඇඟිලිගැසීම් නිසා බවත් ක්‍රීඩාව වැනි ස්වාධීන ආයතන දේශපාලන ඕනෑ එපාකම් ඉටු කිරීමට යෑමේදී මෙම තත්ත්වය උද්ගත වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා ආයතන ස්වාධීන තත්ත්වයට පත් කිරීමට කොතෙක් උත්සාහ ගත්තත් එම පාර්ශ්වයන් මෙසේ දේශපාලන අරමුණු මත කටයුතු කරන බවත් අමල් හර්ෂ මහතා පවසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...

පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්

කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...

අපදාවටපත් කර්මාන්තකරුවන් 531 කට රුපියල් මිලියන 106 ක්‌!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ''දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ...