දේශපාලන ඇඟිලිගැසීම් හේතුවෙන් පාපන්දු ක්‍රීඩාවට ජාත්‍යන්තර තහනමක් වැටුණා – ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්

Date:

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ජාත්‍යන්තර ක්‍රීඩාවලට දේශපාලන ඇඟිලිගැසීම් හේතුවෙන් පාපන්දු ක්‍රීඩාවට ජාත්‍යන්තර තහනමක් වැටුණු බවයි.

ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම් වලට ජාත්‍යන්තරව ලක්වන කෙනෙහෙලිකම් වලින් ඔවුන් බේරා ගැනීමට තමා උත්සාහ කළ ද ඒ සෑම උත්සාහයක්ම අසාර්ථක වූ බව ලේකම්වරයා සඳහන් කළේය. ක්‍රීඩාව පිළිබඳව අල්ප දැනුමක් හෝ නොමැති පාර්ශ්ව නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කණ්ඩායම්වලින් ජාත්‍යන්තර පිළිගැනීමේ තත්ත්වය ගිලිහී ගිය බව ද අමල් හර්ෂ මහතා පැවසීය.

පාපන්දු, රගර් සහ ක්‍රිකට් ක්‍රීඩාවට විවිධ ප්‍රශ්න ඇති වුණේ දේශපාලන ඇඟිලිගැසීම් නිසා බවත් ක්‍රීඩාව වැනි ස්වාධීන ආයතන දේශපාලන ඕනෑ එපාකම් ඉටු කිරීමට යෑමේදී මෙම තත්ත්වය උද්ගත වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා ආයතන ස්වාධීන තත්ත්වයට පත් කිරීමට කොතෙක් උත්සාහ ගත්තත් එම පාර්ශ්වයන් මෙසේ දේශපාලන අරමුණු මත කටයුතු කරන බවත් අමල් හර්ෂ මහතා පවසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...