අද විදුලිය කපන්නේ මෙහෙමයි!

Date:

අද දිනයේදී පැයක පමණ විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය. පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා මෙම විදුලි කප්පාදුව ක්‍රියාත්මක වේ.

ඒ අනුව පස්වරු 5.30 සිට 6.30 දක්වා A කාණ්ඩයට අයත් ප්‍රදේශවලට විදුලිය විසන්ධි වන අතර 6.30 සිට 7.30 දක්වා B කාණ්ඩයට අයත් ප්‍රදේශවලටත් 7.30 සිට 8.30 දක්වා C කාණ්ඩයටත් විදුලිය අත්හිටුවනු ඇත. D කාණ්ඩය සඳහා විදුලිය අත්හිටුවීම සිදුවන්නේ රාත්‍රී 8.30 සිට 9.30 දක්වායි.

මේ අතර හෙට දිනයේදී බොහෝදුරට පැය 02 ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවයි ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ.

මේ වනවිට සපුගස්කන්ද විදුලි බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති අතර ප්‍රමාණවත් ඩීසල් තොග තිබුණද කැලණිතිස්ස බලාගාරයේද විදුලි ජනන යන්ත්‍ර දෙකක් අක්‍රිය වී තිබෙනවා. මෙය කිසියම් පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය පෙන්වා දෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...