මහබැංකුව ඩොලර් දුන් නිසා අද විදුලිය කපන්නේ නෑ – ඇමති ලොකුගේ

Date:

ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා දෙකක් සඳහා ගෙවීම් කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව එකඟ වූ බැවින් අද (24) දිනයේ සිදුකිරීමට නියමිතව තිබුණු පැයක විදුලි කප්පාදුව සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

අද දිනයේදී ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී මෙසේ අදාළ ඉන්ධන නෞකා සඳහා ඩොලර් මිලියන 53ක් නිදහස් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව එකඟ වී ඇත.

ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 37500ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක් රැගත් නැව් දෙකක් සඳහා අද සවස් කාලය වනවිට මුදල් ගෙවා දැමීමට නියමිතය.

එබැවින් ඉදිරියේදී සිදුකිරීමට නියමිතව තිබුණු විදුලි කප්පාදුව ක්‍රියාත්මක නොකර අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය කරන ඉන්ධන විදුලිබල මණ්ඩල වෙත සැපයීමට හැකිවනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද ප්‍රකාශ කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ අඩුවීමක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 15) දිනයේ සිට දිවයිනේ...

හානිය 25000 වුණත් ලක්ෂ 5 දෙනවා. ඒක රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි සිදුවූ...

මේකෙන් මුදල් නාස්ති වීමක් වෙලා නෑ. එක මොඩියුලයයි නෙ – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ආණ්ඩුව එක් පියවරක්...

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...