මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය දෙවැනි දිනටත්

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 කොළඹ (LNW): අද(24) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිත අතර, පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇත.

පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිත අතර, අද ප.ව 5.00ට පමණ ශ්‍රී ලංකා ආයෝජන පනත යටතේ අංක 2334/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් නියෝග, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ අංක 2356/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ විදේශ විනිමය පනතේ 22 වගන්තිය යටතේ අංක‍ 2363/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය විවා‍දයකින් තොරව අනුමත කිරීමට නියමිතයි.

අනතුරුව, පාර්ලිමේන්තුවේ වසර 40කට ආසන්න කාලයක් රාජකාරි සිදු කොට විශ්‍රාම ගැනීමට නියමිත වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය ඇගයීම වෙනුවෙන් ‍පැයක වෙන් කෙරෙන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...