යෝෂිතව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩේසි ආච්චිගේ ඉඩමක් සම්බන්ධයෙන් !

Date:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අද (ජනවාරි 25) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂව දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුමේදී අත් අඩංගුවට ගෙන ඇති බව LNW අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.

ඔහුව එසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියගේ ඉඩමක් මිලදී ගැනීමකට අදාළ සිද්ධියක් සම්බන්ධයෙනි.

එම ඉඩම රත්මලාන කෙකටිය මාවතේ අංක 4 දරණ ඉඩම බවත් වාර්තා විය.

එම සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත යෝෂිත රාජපක්ෂව අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...